Kadapattha is one of many Sri Lankan Community magazines based in Australia and also heading towards becoming a multi-media hub. With a social network presence including twitter, facebook and youtube, Kadapatha has a worldwide reach. This is the main reason why many people chose Kadapatha for their advertisement requirements. Our advertisement rates are affordable and there are many options to choose from.

 

Ad
Ad

“කුඩා කාලෙදි තාත්තා මට සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතාම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා.”

කුඩා කාලෙදි මට තාත්තා සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතා ම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා. තාත්තා මම කුඩා කාලෙදි මට නිදහස දුන්නා. ඒත් ඒ නිදහස අයුතු විදිහට මම පාවිච්චි කළෙත් නැහැ. එහෙම නිදහස දුන්නත් මට නොදැනෙන්න මා ගැන හොයා බැලූවා. කුඩා කාලෙ එක ම එක දවසක් මට ගහලා තියනවා, එදායින් පසුව කවදාවත් ගහලා නැහැ. බැණලා නැහැ. විශේෂයෙන් ම රුසියානු සාහිත්‍ය පරිවර්තන පොත් ගෙනත් දුන්නා. තාත්තා ගාව තිබුණා විශාල පුස්තකාලයක්. ඒක මගෙ සංවර්ධනයට හුඟාක් උදව් වුණා. Read More about ““කුඩා කාලෙදි තාත්තා මට සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතාම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා.””

මුරලිගේ අයිතිය සහ සදාචාරය

සමනළයෙක් මෙන් පියාඹා මී මැස්සෙක් මෙන් මුෂ්ඨි පහර දුන් මොහොමඩ් අලී අයිති ඇමරිකාවට විතරක් නොව මුලූ ලොවටමය. බොක්සිං වළල්ලේ අලී මෙන් තණතීරුව මත මුරලී පෑ රංගනයද අද අයිති ලංකාවට පමණක් නොව මුළු ලෝකයටමය. තණතිල්ල මත මා දුටු මුරලි එක් අතෙකින් නර්ථන ශිල්පියෙකි. අනෙක් අතින් චිත්ත ඒකාග්‍රතාව ප්‍රගුණ කළ මුණිවරයෙකි. එක් මොහොතක රොන් සොයා මලකට පියඹා යන සමනළයෙකි. අනෙක් මොහොතේ තමා කරා ඇදෙන සමනළයෙක් දෙස බලා සිටින මලකි.
අද මුරලි ගැන ලස්සනම දේ කියන්නේ ඔහුගේ සමකාලීන ප්‍රතිවාදී කණ්ඩායම්වල සිටි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝය. මැතිව් හේඩන්ට අනුව මුරලිගේ පන්දු යැවීම තමන්ට හැකිතරම් දෙනෙත් විවර කර පිතිකරුවා මුලාකර එකවිට පන්දු දාහතරක් තමන් දෙසට විදිනවා හා සමානය. ඔහු තම මුළු හදවතින්ම මුරලි නම් අසහාය මිනිසාට ගරු කරණ බවද කියයි. ජස්ටින් ලැන්ගර් කියන්නේ මුරලි ඔහුගේ තර්කය හා තීරණය සමඟ සෙල්ලම් කරන බවය. Read More about “මුරලිගේ අයිතිය සහ සදාචාරය”

පින, ප්‍රතික්‍රීයකරණය සහ කර්මය

කාලාන්තරයක් පුරාවට අපට ඇහෙන්නේ දන්දීමේ ආනිසංසය. ඒ නිසාම අපි ඉඳුල් වතුර ටික පවා සතුන්ට ආහාර පිණිස දන්දෙමු. එහෙත් පරණ බැටරි හෝ ප්ලාස්ටික් කිසිඳු බයක්, සැකක් නැතිව පරිසරයට මුදා හරිමු. එවැනි දේ හරහා ඝෘජුවත්, වක්‍රවත් ප්‍රාණඝාතයට හවුල් වෙමු. සතෙකුට පවා කන්න දීම හොඳය. එහෙත් නොදැනුවත්ව හෝ සතුන් මැරීම හොඳ ද ? එසේනම් අප කළ යුත්තේ කුමක් ද ? ඇත්තෙන්ම අපට කළ හැකි දේ බොහෝය. ඒ අතරින් කරුණු දෙකක් ඉතා වැදගත් බව අපේ අදහස ය. එකක් පරිසරයට හානි දායක දේ භාවිතය අවම කර වෙනත් විකල්පයන් කරා යෑමය. අනෙක් කාරණය වන්නේ හැකි හැම විටම ඉවතලන දෑ නිවැරදිව ප්‍රතිචක්‍රීයකරණය කිරීම ය. වරක් පාවිච්චි කර ඉවතලෑමට පෙර දෙවරක් සිතීම සුදුසු නොවේ ද? එවැනි දේ වෙනුවට නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි දෑ යොදා ගත යුතු නොවේ ද ? Read More about “පින, ප්‍රතික්‍රීයකරණය සහ කර්මය”

අහිමි වන සොඳුරැ බව

තාක‍ෂණයත් සමග අප ඉදිරියට යා යුතුමය. ඒත් කවරදාකවත් අප තාක‍ෂණයේ වහලූන් නොවිය යුතු බව මගේ අදහසයි. ඒත් වත්මන් සංගීත නිර්මාණකරණයේ දී අපගේ ගායන ශිල්පීන් – සංගීත අධ්‍යක‍ෂවරුන් මුළුමනින්ම තාක‍ෂණයේ වහලූන් වී ඇති බව මගේ මතයයි. මා එසේ සඳහන් කරන්නේ මේ තාක‍ෂණය නිසා අපගේ සංගීත නිර්මාණවල සොඳුරු බව හා මිහිරි බව පලා යන බව මට පෙනෙන බැවිනි.
සංගීත භාණ්ඩ විවිධ කුල කීපයකට ඛෙදන බව සංගීතයේම සඳහන් වේ. සෑම නාදයක්ම උපදින්නේ කම්පනයකිනි. මෙම කම්පනය, වාතලේ – ජලයේ – තත්වල – ඝන ද්‍රව්‍යවල කම්පනයත් විය හැකිය. එහෙත් අද සංගීතයේ නාද උපදින්නේ මෙවන් කම්පනවලින් ද? අද ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬ පෞරුෂය බිහිවන්නේ උගුරේ ස්වරාලයේ ස්වර තන්තුවල කම්පනයකින් ද? මෙම ප්‍රශ්න දෙකටම දිය හැකි පිළිතුර වන්නේ “එහෙම නොවේ” කියා නොවේ ද? Read More about “අහිමි වන සොඳුරැ බව”

එස් ඒ දිසානායක ගැන ඔහුගේ පුත් චරිත දිසානායක කථා කරයි

“ඒ කාලේ චිත්‍රකතා ශිල්පීන්ගේ දරුවොත් චිත්‍ර කතා ඇඳල ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හරියට ඔය දැන් ගායකයන්ගේ සිංදු එයාලගේ පුතාලා කියන්නා වගේ. මම මෙහෙම අවස්ථාවක් මට නොලැබීම ගැන බොහොම දුකෙන් හිටියේ. තාත්තා නැති දවසක මමයි මේ කතා ටික ඉදිරියට අඳින්නේ කියලා මම හිතුවා. ඒ වෙද්දි මම ඒ ගැන තීරණය කරලයි හිටියේ. ඔය අතරේ අපේ තාත්තා අසනීප වෙනවා.
ඒ ගැන මම තරම් සතුටු වූ කෙනෙක් එදා තවත් ඉන්න නැතුව ඇති. ඉතින් මම ඉස්කෝලෙ යන ගමන් ඉස්පිරිතාලෙටත් යනව තාත්තව බලන්න. දැන් ඉතින් හරි. චරිත දිසානායකගේ පුංචිත්තා කියලා කතාවට නම දානවා. ඉතිරි කොටස් මෙහෙමයි වෙන්නේ කියල හිතලත් ඉවරයි. දැන් ඉතින් මගේ අදහස තාත්තට ඉදිරිපත් කරන්නත් එපායෑ. තාත්තාව බලන්න ගිහින් දවසක මම මෙහෙම කිව්වා.” Read More about “එස් ඒ දිසානායක ගැන ඔහුගේ පුත් චරිත දිසානායක කථා කරයි”

දිවිල්ල

දිවිල්ල

දිවා කාලයේ විදියේ එක් කොණක මෙලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිකර බාර ගැනීමට සැදී පැහැදි සිටින විට රාත්‍රී අඳුරත් සමඟ අනෙක් කොණෙන් නිශාචර කතුන් මතුවෙන මේ වීදිය ඔබේ චරිතය තියුණු විමසුමකට ලක් කරයි. කෝකටත් කියා එක් වැහිබර දිනක කාටත් නොකියා මම වීදියට බැස්සෙමි. මගේ සිතේ දාන පාරමිතාවක් හෝ අන් කවර හෝ අරමුණක් නොවීය. පාන්දර හතර පහේ පටන් අවදිවන පදික වේදිකාවේ ජීවිතය දැක ගැනීමේ කුතුහලය ම’සිත මඬනා ලද බව නම් කීම වඩාත් නිවැරදිය. Read More about “දිවිල්ල”

Ad
Ad

වැව රවුම – ජූනි 2016

මිනිස් මොළයේ නියුරෝන බිලියනයක් ඇත. ඒ හැම නියුරෝනයක්ම තවත් නියුරෝන 1000 ක් සමග සබන්ධතා ගොඩනගා ගනී. ඒ අනුව මොළයේ ගොඩනගාගත හැකි සම්බන්ධතා ගණන ට්‍රිලියනයක් බව පැවසේ. යම් විදියකින් එක් නියුරෝනයකට තබා ගත හැක්කේ එක් මතකයක් පමණක් නම්, මතක ගබඩාව අයි පෝඩයක් හෝ යූඑස්බී එකක් මෙන් ඉතා ඉක්මණින්ම අවසන්ව යා හැකිව තිබුණි. එනමුත් නියුරෝන නියුරෝන අතර ඇති කරගන්නා සහසම්බන්ධතාවය නිසා මොළයේ මතක ගබඩාව ඛෙහෙවින් ඉහළ අගයක් ගනී. එය ආසන්න වශයෙන් පෙටාබයිට් (petabytes) 2.5 කි. නැතහොත් ගිගාබයිට් (gigabytes) මිලියනයකි. මේ අගය ගැන යම් කිසි වැටහීමක් ඇති කරගන්නට රූපවාහිනී යන්ත්‍රයකට සම්බන්ධ කරන වීඩියෝ රෙකෝඩරයක් නිදසුනක් ලෙස ගනිමු. ඒ අනුව පෙටාබයිට් 2.5 ක මතකයක් තුළ පැය මිලියන තුනක රූපවාහිනී වැඩසටහන් ගබඩා කළ හැකිය. තවත් සරළව කියනවා නම් මොළයේ මතක ගබඩාව අවසන් කිරීමට රූපවාහිනී යන්ත්‍රය වසර 300 කටත් වඩා නොකඩවා ධාවනය කළ යුතුය. Read More about “වැව රවුම – ජූනි 2016”

පොඩි මෑන්ස්ගේ ලියුම

අපේ ගෙදර වැඩියම අමතක වෙන්නේ අප්පච්චිටය. ඒ අතරින් මුලටම එන්නේ තොප්පිය. එයා ගෙදරින් කොහේ හරි යනකොට තොප්පියක් දාති. ආපහු ගෙදර එනකොට තොප්පියක් නොදාති. දාගෙන යන තොප්පිය කොහේ හරි දාලා එති. ආපහු තොප්පිය මතක් වෙන්නේ ගෙදර ඇවිත් තට්ටේ අතගාන කොටය.

ඊළගට එයාට අමතක වෙන්නේ කන්නාඩි කුට්ටම්ය. එයා කන්නාඩි දාන්නේ ළඟ බලන්නටය. එයාට පේන්නේ නැත්තේ ළඟය. දුර හොදට පෙනෙති. ඈතම ඈත තියෙන ගහක අත්තක වහලා ඉන්න කුරැල්ලෙක් ඉන්නේ දුකෙන්ද නැත්තම් සංතෝසෙන්ද කියලා එයාට හරියටම කියන්න පුලුවන් වෙති. හිතන්න, එයා අම්මාට කිව්වොත් “බලන්න අර අත්තේ වහලා ඉන්න කාක්කා දිහා. එයා ඉන්නේ ලොකු හිතේ අමාරැවකින්……” කියලා. එතකොට අම්මා “හ්ම්..හ්” කියලා අහක බලාගන්නෝය. අප්පච්චි දිගටම කාක්කා දිහා බලාගෙනම ඉන්නෝය. ඇත්තටම අම්මාට කාක්කාගේ දුක සැප බල බලා ඉන්න වෙලාවක් නැති වෙති. මට කාක්කාගේ දුක සැප බැලුවා කියා වැඩක් නැති වෙති. ඒ නිසා අපි අප්පච්චි කියන ඕනම දේකට එකඟ වෙති. එතකොට එයාට සතුටු හිතෙති. ආඩම්බරත් වෙති. Read More about “පොඩි මෑන්ස්ගේ ලියුම”

෴මුරුගසං වරුසා වස්තුව෴

ලංකාද්වීපයෙන් දුරස්වැ ගොස් සිටින්නා වූ ලංකාද්වීපයේ මනුෂ්‍යයන් ද කොළ ජනයිනි, අප අපගේ සෝවුරන්ට උදව් කරන්නමෝ වේ දැ යි සිතුව ද පෙර අකුසලයක් ඔවුන්ගේ ද සිහියට ආයේ පෙර කලෙක ලංකාද්වීපයට මුහුද ගොඩ ගැලු කල ඛෙදූ ඛාජ්‍ය භෝද්‍ය මිල මුදල් ඈ ආධාරයන් ගසා කෑ අන්දමයි. එසේ ද වුවත් උහු තමන්ගේ හැකි පමණින් ජනයාට පිහිට වූ බව පෙනී ගියේ ය.
මෙලෙස සියක් දහසක් දෙනා අනාථ ව ගොස් සිටින කල්හි වර්ෂාව මඳින් මඳ පහවැ ගියේ ය. පාලකයෝ නිතොර නේක අනේක අයබදු වැඩි කරමින් හුදී ජනයාගේ පඩි පත චෞරයන් මෙන් පැහැර ගත්ත ද යම් අකාර ව්‍යසනයක දී ජනතාවට සරණ වන්නට උහු අසමර්ථයෝ ය. ඉදින් මෙවන් පාණ්ඩු ආණ්ඩුවකින් තමන්ට කම් නැතැ යි ජනයා කියන්නට වන කාලය ඉතා නුදුරේ බව පෙනී යන්නේ ය. Read More about “෴මුරුගසං වරුසා වස්තුව෴”

ගග් වතුර සහලාදාර

පහුගිය ටිකේබ උල හෙබ්බිලිස්සාව හිද්ද බොකූත් කරගල්ල බැරි උලා ආයිබොවග්. ඇදේබයි උල්ලෙ. කල්ලත් ලෑ. බොල්ලත් ලෑ. දැල්ලබ් ටිකක් හොදයි.

ඕන්න ඔහොම අසනීපෙං ඉන්න අල්ල පනල්ලෙ තමා ආයිබොවං ගංවතුරක් ඇහිල්ල ලංකාව හේදිලා යනවයි කියල ආරංචි උනේ. මට ඇහුන අපේ මැණිකෙ මෙහෙ තව නෝනෙ කෙනෙක් එක්ක පෝං එකෙං ඒ ගැන කියනෝ. මේං මෙහෙමයි කතාව ගියෙ ඕං.
“………”
“නෑ අනේ ‘යකඩ කහවණු’ එකේ කොහෙද ගං වතුරක් ?” Read More about “ගග් වතුර සහලාදාර”

වසර 50 කට පෙර මෙල්බර්න් අහසේ දුටු පියාඹන පීරිසි

ඒ එක්දහස් නවසිය හැටහයේ අප්‍රේල් හයවනදා උදෑසන කාලයයි. එය හේමන්තයේ තවත් ප්‍රභාමත් දිනයක් වූ අතර වෙස්ටෝල් උසස් පාසලේ සිසුන්ද ඒ අසල් වැසියන්ද සුපුරුදු වැඩ කටයුතුවල නිරතව සිටියහ. එහෙත් උදෑසන එකොළහට පමණ එක්වරම පාසලට ඉහළින් ඇදී යන්නට වූ අද්භූත යානයක් නිසා පාසල තුළද අවට පරිසරයේද නිහඬතාවය සැනෙකින් බිඳී ගියේය. Read More about “වසර 50 කට පෙර මෙල්බර්න් අහසේ දුටු පියාඹන පීරිසි”

Ad

අසාර වූ මහ පොළව මමයි

එකල සේකර කවියා රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ ගුරුවරයකුව සේවය කරමින් සිටියේය. ඔහුගේ නවාතැන වූයේ ඒ අවට කලබලයෙන් තොර, වෙල්යායක් ඉදිරිපිට වූ නිවෙසකි. චිත්‍රසේනයන් ගේ නල දමයන්ති නිර්මාණය වූයේ ද එකලය. සැන්දෑවේදී මේ කලාකරුවෝ සේකරගේ නවාතැනේ දී මුණ ගැසෙති.

මද අඳුර ගලා එද්දී මිදුලට බට සේකර නිහඬව මඳ වේලාවක් අහස දෙස බලා සිටියේය. වෙල්යාය ඉස්මත්තේ වන ලන්දෙහි මල් පිපී වැදිණ. සඳ අහසේ මෝදු වන විට ම තාරකාවක් ද ඈතින් එබිකම් කළේය.

අමරදේවයන් කීයේ එදා ඒ දුටු පාරිහාරික විචිත්‍රත්වය ම සේකර අතින් ගීයට නැඟුනු බවයි. Read More about “අසාර වූ මහ පොළව මමයි”

හිස් වූ ගිණුම

උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන “භාගේ ශ්‍රී” නම් රාගය ආශ්‍රිතව වික්ටර් රත්නායකයන් “හෝපලූ වනපෙත” ගීතය නිර්මාණය කළේය. රාගයක් සරල ශ්‍රාස්ත්‍රීය ගීතයක් බවට පරිවර්තනය කරමින් කළ මෙවන් නිර්මාණ අපට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.
වාදන භාණ්ඩවලින් ද එදා යුගයේ සිර්මාණ ශිල්පීන් බොහෝ නිර්මාණ පර්යේෂණාත්මකව කර ඇත. ගුණදාස කපුගේ ගායනා කළ “උල ලේනෝ” ගීතය මුල් පටිගත කිරීමේදී ඔහුට අවශ්‍ය එක් හඬක් ලබාගන්නට කළ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ ගුවන් විදුලියේ 5 වන පටිගත කිරීමේ මැදිරියේ පියානෝව විවෘත කොට එහි කම්පනය වන ලෝහ තහඩුවල චන්ද්‍රා සප්තකයේ තහඩුවලට තම්මැට්ටම වැයීමට යොදා ගන්නා දඬුවකින් තට්ටු කිරීමෙනි. Read More about “හිස් වූ ගිණුම”

Ad
Ad

Subscribe to Kadapatha via Email

Enter your email address to subscribe to Kadapatha and receive notifications of new posts by email.

කුකුල් ප්‍රාණය

මගේ අසාමාන්‍ය උනදුවත්, ඌව නිදහස් කර ගැනීමේ පරමාර්ථයත් දැනගත් වෙළෙන්දා කුකුළාගේ ලන්සුව ඉහළ දැම්මේය. අවසානාය් ඔහු ඉල්ලූ මුදලකින් අඩුකර ගත හැකි වුයේ රුපියල් පහක් පමණි. ඒ අතර වාරයේ ඔහු දාර්ශනිකයෙකු බවට පත්විය.
“ජීවිතයකට මිලක් නියම කරන්න බැහැ මහත්තය….”
කුකුළෙකු පණපිටින් ගෙනයාමේ පළපුරුද්දක් මට නැති බව වටහා ගත් වෙළෙන්දා විශාල බ්‍රවුන් පේපර් බැගයක ඌව හිඳුවා එහි කට රෝල් කොට ගැටයක් ගැසුවේ හුස්ම ගැනීමට සිදුරක් ද තබමිනි.
“මට මේ විදියට මූව පණපිටින් හෝමාගමට බස් එකේ ගෙනියගන්නට පුළුවන් වෙයිද……?”
මගේ බොළඳ ප්‍රශ්නයට ඔහුට සිනා නොවී සිටිය නොහැකි විය.
“පාරණයකට ගැරන්ට් කරන්න බැහැනේ. පරිස්සමින් කල්පනාවෙන් ගෙනියන්න….” Read More about “කුකුල් ප්‍රාණය”

මගෙ දුරකථනය අංකය මතක ද…… මට txt එකක් එවන්න

SMS පෙම් හසුන් එදා පෙම්වතුන් පෙම්වතියන් ලියූ පෙම් හසුන් මෙන් රසවත් අර්ථවත් ඒවා නම් නොවේ. මන්ද ඒවායේ ඇත්තේ ඉතාම කෙටි පණිවුඩ පමණි. අඩුම තරමින් I Love You කියා ලියන්නේ I L U කියාය. උත්තර ලැඛෙන්නේ I L U 2 කියාය. අනේ මේවා රසවත් වන්නේ කොහොම ද? Read More about “මගෙ දුරකථනය අංකය මතක ද…… මට txt එකක් එවන්න”

Kadapatha Daily Quotes – 16 Dec 2015

හොඳ වනවාට වඩා ලස්සන වීම හො‍ඳ ය. නමුත් කැත වනවාට වඩා හොඳ වීම හොඳය.
– ඔස්කා වයිල්ඩ්

Ad

සිත්ගත් සිතුවම්

එකෝ සහ නාර්සිසස්

ග්‍රීක දේව කතාවකට අනුව එකෝ යනු දෙවගනකි. ඇය නාර්සිසස් නම් වූ තරුණයෙකුට මහත් සේ ආදරය කළා ය. නාර්සිසස්ගේ රූපයට බොහෝ දෙවගනන් ආදරය කළ මුත් ඔහු නොවේ පෙරළා ඔවුන්ට ආදරය කළේ. ඔහු අන් අයගේ අවධානය ලබාගැනීමටත්, ඔවුන්ගේ ප්‍රසංසාවට ලක්වීමටත්, එමෙන්ම අන් අය ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළෙනු දැකීමටත් ලොල් විය. Read More about “එකෝ සහ නාර්සිසස්”

හිට්ලර් සොරාගත් රෝස හාවා

“මේ තියන්නේ අර මනුස්සයාගෙ තව පිංතූරයක්” එලිසඛෙත් කීවා ය. “ඊයේ මගෙ පොඩිම නංගි මෙයාගෙ පිංතූරයක් දැකල හිතල තියෙන්නෙ චාලි චැප්ලින් කියල.”
ඇනා දෑස් ලොකු කර මුහුණ ඇද කරගෙන විමතිය පෑවා ය. ඉක්බිති ඇය කීවේ, “උඩු රැවුල නොවෙන්න නං ඇබිත්තක්වත් චාලි චැප්ලින් වගේ නෑ” කියා ය.
ඔවුහු පින්තූරයට යටින් සඳහන් කර තිබූ නම හයියෙන් කියවූහ.
ඇඩොල්ප් හිට්ලර්
“එයා කියන්නෙ හැමෝම එයාට ඡන්දෙ දෙන්ඩ කියල. ඊට පස්සෙ එයා යුදෙව්වන්ව නැති කරනවලු.” කීවේ එලිසඛෙත් ය. “ඔයා හිතනව ද එයාට රිචල් ලොවෙන්ස්ටින්වත් මරන්ඩ පුළුවන් කියල?”
“කාටවත් රිචල් ලොවෙන්ස්ටින් මරන්ඩ බෑ” ඇනා සහතික වුණා ය. “එයා පංති නායකයා. බාගදා මේ මනුස්සයා මාව නං මරයි. මමත් යුදෙව්වෙක් හින්දා.”
“නෑ, ඔයා එහෙම නෑ.”
“මං එහෙම තමා…. පහුණු සතියෙ අපෙ තාත්තා අපිත් එක්ක ඒක ගැන කතා කෙරුවා. එයා අපේ අයියටයි මටයි කීවෙ මොනවා වුණත් අපි යුදෙව්වො කියන එක කවදාවත් අමතක කරන්ඩ එපා කියලයි.” Read More about “හිට්ලර් සොරාගත් රෝස හාවා”

කැරැල්ලේ මතක

“JVP එකේ ගුවන්විදුලි ප්‍රචාරය ක්‍රියාත්මක වෙන්නේ ගම් තුනක ඉඳලාය. එකේ නිවේදන කටයුතු කරනනේ ඔයා කියලා පෙත්සමක් ගිහින්.”
“මම එහෙම දේකට සම්බන්ධ නෑ සර්. කවුද එහෙම කියලා තියෙන්නේ.”
“මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඒක කරල තියෙන්නේ කාන්තාවක්. එච්චරයි මම දන්නේ.”
මොහොතකින් හමුදා නිලධාරියා පොලිසියට ආවා.
ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයෙන් මා පිටතට යැවූ ඔවුන් පැයක පමණ කාලයක් කතා කරමින් උන්නා. හමුදා නිලධාරියා පිටත්ව ගියාට පසුව ස්ථානාධිපතිවරයා මා ළඟට ආවා. Read More about “කැරැල්ලේ මතක”