පොඩි මැන්ස්ගේ ලෙටරය – 49

පොඩි මෑන්ස් විසිනි

ගෙදර පොන් එකට එන කෝල් ගන්න කවුරැත් කැමති නැත්තෝය. ඒ ගොඩාක් කෝල් එන්නේ අපේ නෑදෑයෝ කවුරැත් නැති ඉන්දියාවෙන්ය. එයාලා ඉස්සරෝම අහන්නේ අපිට කොහොමද කියලා ය. 

අප්පච්චිගෙන් එහෙම ඇහුවොත් එයා කියන්නේ “අපිට කොහොම වුනත් උඹට මොකද ?” කියලා ය. අම්මාගේ නම කියලා එයා ඉන්නවද කියලා ඇහුවත් එයා කියන්නේ “එයා ගෙදර නෑ” කියලා ය. ඉතිං ළමයි හැටියට අපි වුනත් ඉගෙන ගන්නේ අම්මා තාත්තා කරන කියන විදිහට නිසා අපිටත් ඒ විදහටම පුරැදු වෙලාය.

බැරි වෙලාවත් අපි ඒ කෝල් එකකට හොදයි කිව්වත්, නොට් ටූ බෑඩ් කිව්වත් අන්තිමට වෙන්නේ ටයිගර්ගේ ටේල් එක අල්ලා ගත්තා වැඩකි. ටයිගර්ගේ ටේල් එක අත ඇරියොත් ඌ අපිව කති. අල්ලාගෙනම හිටියොත් අපට වෙන වැඩක් කරන්න බැරිවෙති. ඌටත් එසේම වෙතැයි සිතෙමි.

සෙනසුරාදා උදේ ලංකාවෙන් කෝල් එකක් ආවෙමි. ආන්සර් කළේ අප්පච්චි ය.  ලංකාවෙන් කෝල් ආවොත් හරි අපි ලංකාවට කතා කළොත් හරි අපි ඉස්සරෝම කරන්නේ ඉස්පීකර් පෝන් දැමීමය. එතකොට ගෙදර ඔක්කොටම කතා කරන්න පුලුවන් වෙති. ඒ වගේම ඔක්කොටම අසන්නටත් පුලුවන් වෙති.

“හලෝ… මම මේ කතා කරන්නේ ලංකාවෙන් ………” 

“හලෝ කොහොමද අක්කේ….. කටහඬ අහන්නත් සංතෝසයි.” අප්පච්චි කිව්වෙමි.

“අපි මේ හොඳටම බය වෙලා ඉන්නේ…. මල්ලිලාට කරදරයක් නෑ නේ ද ?”

“අනේ නෑ අපි හොදින්….. ඇයි අක්කා එහෙම ඇහුවේ ?”

“නෑ මල්ලී…. මෙහේ ආරංචිය යන විදිහට මුලු ඕස්ට්‍රේලියාවේ නවත්ගන්න බැරි තරමට ගිනි ගන්නවලු.”

“ආ ඇත්තද ? පොඩ්ඩක් ඉන්න මම හොයලා බලන්නම්…” කියලා අප්පච්චි අම්මාගෙන් “මෙහේ බුෂ් පයර්ද ?” කියලා ඇසුවෙමි.

“මං කොහොමද අනේ දන්නේ ?” අම්මා කිව්වෙමි.

එදා දවල් අපේ අම්මා ලංකාවට කෝල් එකක් ගත්තෙමි. 

“මොනවද අනේ මේ ලංකාවේ වෙන්නේ ? ඇඹිලිපිටියේ පොලිසියෙන් මනුස්සයෙක් මරලා කියන්නේ ඇත්ත ද ? හෝමාගම උසාවියේ අලි කලබලයක්ලු නේද ?”

“අපි දන්නේ නෑ නංගී….. පොඩ්ඩක් ඉන්න මම හොයලා බලන්නම්….” එහෙනුත් කිව්වෝ ය.

හවස අප්පච්චි ලංකාවට ආයම කෝල් දෙක තුනක්ම ගත්තෝය.

“මොකද මචං මුන්ට පිස්සුද බං…. කාලෙන් කාලෙට එක එක කෝලං… දැන් අපේ උන්ට තියෙන්නේ මිනිස් ලේ ද? නැත්තං සිංහ ලේ ද ?”

“මට තේරෙනේ නෑ..…උඹ මොනවද කියන්නේ කියලා….” අප්පච්චිගේ මචං යාලුවා කිව්වෙමි.

“ඇයි…. දැන් ලංකාවේ සිංහ ලේ කියලා අලුත් කෝලමක් නටනවලු නේ ද ? අප්පච්චි එහෙම කිව්වාම ඒ අන්කල් කිව්වේ “මම ඒ ගැන දන්නේ නෑ හොයලා බලලා කියන්නම්” කියලාය.

එදා රෑ ලංකාවෙන් තවත් කෝල් එකක් අවෙමි. ආන්සර් කලේ අම්මා ය.

“අනේ නංගිලා හොඳින් නේද ? අපි මේ බය වෙලා ඉන්නේ….” එහෙන් කිව්වෙමි.

“ඔව් අපි හොඳින්…. ඇයි අක්කා එහෙම ඇහුවේ…. ?”

“නෑ අපිට ආරංචි වුනේ ඕස්ට්‍රේලියාවට හොදටම ගංවතුර කියලයි.”

“පොඩ්ඩක් ඉන්න බලන්න….” කියලා අම්මා අප්පච්චිට කතා කරලා….

“මේ….. ඒ…යි මෙහාට ගංවතුරද ?” කියලා ඇහුවෙමි.

“මම දන්නේ කොහොමද අනේ….” අප්පච්චි කිව්වෙමි. ඊට පස්සේ අම්මා ඒ ඇන්ටිට මෙහෙම කිව්වෝය.

“මේකනේ අක්කේ…… ඕස්ට්‍රේලියාව කියන්නේ මහා විසාල මහද්වීපයක්නේ… මේකේ කොච්චර නම් දේවල් වෙනවද…. ඒවා හොය හොයා ඉන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න බැරි වෙනවා නේ…. හරියට පිදුරැ ගොඩේ වැටුණු ඉදිකට්ටක් හොයනවා වගේනේ…..”

“එකත් ඇත්තනේ නංගී…” එහාපැත්තේ ඇන්ටී එහෙම කිව්වාම අම්මා තවත් ප්‍රශ්ණයක් ඇසුවෙමි.

“ඒක නමේ අක්කේ කොටදෙණියාව පැත්තේ පුංචි ගෑණු ළමයෙක්ට කරදරයක් වෙලා කියන්නේ ඇත්ත ද ?”

“අපි හරියටම දන්නේ නෑ නංගී…. පුංචි වුනාට මොකද මේකත් මහ ඉදිකටු කන්දක් වගේනේ… ඒකේ අස්සේ වැටිලා තියෙන පිදුරැ කෑලි අපි කියලා කොහොම හොයන්න ද ?” ඒ ඇන්ටිත් ඇසුවෙමි. 

අම්මා පොන් එක දඩස් ගා තිබ්බෙමි.

මීට

පොඩි එකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *