ගග් වතුර සහලාදාර

වොම්බැට්ගේ කතා වස්තු

ලියැව්වේ වොම්බැට් විසිනි

පහුගිය ටිකේබ උල හෙබ්බිලිස්සාව හිද්ද බොකූත් කරගල්ල බැරි උලා ආයිබොවග්. ඇදේබයි උල්ලෙ. කල්ලත් ලෑ. බොල්ලත් ලෑ. දැල්ලබ් ටිකක් හොදයි.

ඕන්න ඔහොම අසනීපෙං ඉන්න අල්ල පනල්ලෙ තමා ආයිබොවං ගංවතුරක් ඇහිල්ල ලංකාව හේදිලා යනවයි කියල ආරංචි උනේ. මට ඇහුන අපේ මැණිකෙ මෙහෙ තව නෝනෙ කෙනෙක් එක්ක පෝං එකෙං ඒ ගැන කියනෝ. මේං මෙහෙමයි කතාව ගියෙ ඕං.
“………”
“නෑ අනේ ‘යකඩ කහවණු’ එකේ කොහෙද ගං වතුරක් ?”
“……”
“අයියෝ නෑ නෑ ‘නීල පළිඟු දිය’ ඉවර වෙලා කොච්චර කල්ද අයියෝ? මම මේ කියන්නෙ කැළණි පාලම ගැන නෙමෙයි මෙයා. ඒක අපි බැලුවෙ කොච්චර පුන්චි කාලෙද? අර නීල් අලස් එහෙම හිටියෙ නේද?”
“……”
“නෑ අනේ නිව්ස් බැලුවෙ නැද්ද? කැළණි ගඟ උතුරල ගොඩක් අයට ගෙවල් දොරවල් නැතිවෙලා. රට පුරාම වැස්සයි නාය යාමුයිලු. දන්නැද්ද?˜
“……”
“හිනා නෙමෙයි අනේ. ගෙදරට කතා කරල එහෙ අයගෙ තොරතුරු හොයල බලන්න.”
මං දැක්ක අපේ මැණිකෙ මූණත්තහඩුව ඇද කරගෙන කුටු කුටු ගගා කුස්සියෙ එහාට මෙහාට යනෝ.
“දැග් ඔයා බේ ගග් වතුරට බොකද කරල්ල හිතල්ලෙ?”
“පුදුම කතාවක්නෙ අනේ ඔයා අහන්නෙ? ගෙදර තියන ළමයින්ට අඳින්න බැරි ඇඳුම් ටිකක් එකතු කරන්න ඕනෙ සල්ලි කීයක් හරි කාට හරි ගන්න යවන්න ඕනෙ. ඊට පස්සෙත් ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ.”
“ඒකලබ් හොද අදහසක් තබා. ලරකද අලුතෙල්බ ඇදුග් ටිකක් අරග් යැව්වොත්….?”
“පිස්සුද අනේ. එහෙම ඕනෙ නෑ. මේ කලබලේ. ඒත් පස්සෙ අපි බලමු දෙවනුව හොඳට සංවිදානය කරගෙන මොනව හරි කරන්න. එතකොට අලුතින්ම අරන් ඇඳුම් විතරක් නෙමෙයි ස්කෝල බඩු එහෙමත් යවමු.”
…………………………..
ඉතිං ඔන්න හාමිනේ ගජරාමෙට ආදාර එකතු කොන්න තැං ඔලට බඩු එකතු කොර කොර ගිහින් දුන්න. මුදල් ආදාරත් කොලා. ඒ අතරෙ ඔන්න ගෙවල් පහකට එහා ඉන්න සීලා නෝනෙ අපේ දිහා ආව.
“ඒක නෙමෙයි ශීලා. ඔයා දුන්න ඇඳුම් ටිකත් මම රෙඩ් ක්‍රොස් යවන්න බාර දුන්න හොඳේ.”
“අනේ ලොකු දෙයක්. තෑන්ක්ස්.”
“මම එන්.ජී.ඕ. එකක් දාල තිබුන එකවුන්ට් එකකට සල්ලිත් දැම්ම. පවු ශීලා අපේ රටේ මිනිස්සු.”
“අයියෝ මමනං ඒ පිස්සු වැඩේ කළේ නෑ.”
“ආ… ඒක කොහොමෙයි පිස්සු වැඩක් වෙන්නෙ?”
“ඇයි අනේ කව්ද දන්නෙ ඒ සල්ලි කොහෙ යයිද කියල. දන්නවනෙ… අපේ ලංකාව එහෙම ලංකාවක් කියල.”
“මං ඒ ගැන හොඳට හොයල බැලුව. බය වෙන්න දෙයක් නෑ. තවත් විදේශ ආදාර කණ්ඩායමක් එක්කයි වැඩේ කරන්නෙ. මුදල් හරි විදිහට යෙදවෙයි.”
“අනේ නිකං ඉන්න. කව්ද ඕව දන්නෙ. අර දරුවංගෙයි අපෙයි පාවිච්චි කෙරුව ඇඳුම් දෙනව වගේද අනේ හම්බ කරගත්ත දේ දෙන එක. මංනං දුන්නෑ. මං මට පුලුවංනං කාගෙං හරි උදව්වක් ඉල්ල ගන්නවනෙ එහෙනං?”
“අපරාදෙ, ඔයාට දුන්න ඇඳුමුත් අඳින්නෙ කව්ද කියල හොයල බලන්න පුලුවන්නම් හොඳයි නේද?”
හම්මේ අපේ මැණිකෙත් හීං නූලෙං ගේම දෙන හැටි අම්මපා… කියාල මට හිතුනෙ එතකොටයි ආයිබොවං.
………………………….
ඕන්න ඔය අතරෙ අපේ නෝනෙගෙ මහිලා සංගමේ තවත් කුලඅගනක් ආව අපේ දිහෑ. මේ ගමනනං සත්ගුණවත් කතා පටං ගත්තෙ අපේ නෝනෙ නෙමෙයි ඕං ඈ?
“අනේ මෙයා මං හැමදාම ලංකාවෙ නිව්ස් බලල අඬනව මේ දවස්වල. මොන තරම් අසරණද අපේ මිනිස්සු නේද?”
“කියල වැඩක් නෑ අයිරාංගනී. මටත් හරි දුකයි. අරනායක සිද්දිය දකිද්දි හරි අමාරුයි නේද? පුළුවන් තරමින් අපිත් ආදාර කළා.”
“ඔව් අනේ ඒක හොඳයි. මාත් දන්න දන්න හැමෝටම කිව්ව. අර ශ්‍රීනිමල්ගෙ දෙවෙනි නෝන රන්සි දන්නව නේද? එයා කෙලින්ම ඩොලර් තුන්දාහක් දීල තිබුන. ඇයි සුනිලා ? එයත් දෙතුන් දාහක් දීල තිබුන. අයිලීන් මා එක්කමයි ගිහින් ඩොලර් දෙදාස් පන්සීයක් ට්‍රාන්සර් කළේ.”
“ඒක නෙමෙයි අයිරාංගනී ඔයාගෙ ඩොනේෂන් කොහාටද ඇරියෙ ? මමනම් රෙඩ් ක්‍රොස් දුන්නා.”
“……” ම්ම්…. ආ ඔයාට මතකද අර ඊස්ට් පැත්තෙ ඉන්න දේවනායගම්ල ? අනේ එයාල තමා මම දන්න තරමින් ලොකුම ආදාරෙ කළේ. මිසිස් දේවා කරේ මාලෙයි අතේ වළලූ දෙකකුයි ඇරෙන්න අනික් ඔක්කොම රත්තරන් බඩු කෑෂ් කරල ඩොනේට් කළා අනේ. මට හෝස් ගාල ගියා.˜
“ඇයි?”
“නෑ ඉතිං…. රත්තරං නෙ…”
“ලොකු ගානක් ලැඛෙන්නත් ඇති නේද?”
“ඔව් මං හිතන්නෙ හත් අට දාහක් තිබුන. කිසි දෙගිඩියාවක් නැතුව මිසිස් දේවා ඒ චෙක් එක අතින්ම ගිහින් එම්බසියට දුන්න අනේ.”
“මාත් මට පුලුවං තරමින් සල්ලි දුන්න අයිරාංගනී. ඉතිං අනික් අය දුන්න ගනං කිව්වට ඔයා මොනවද කළේ කිව්වෙ නෑනෙ.”
“ආ…..ම්හ්…. මේහ්…. අයියෝ දන්නෙම නැතුව වෙලාවත් ගිහිං මට පුතාව ස්කෝලෙං ගන්නත් පරක්කු වෙනව. මේහ්… මං ගිහිං එන්නං හොඳේ? අපි පස්සෙ දිගට කතා කරමුකො ඈ? මං කෝල් කරන්නම්කො. බායි.”
…………………………………
එහෙනං බායි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *