කැඩපත – කැටපත / ජූලි 2016

Kadapatha July 1645

තෙපයින් එන තෙක්

වනේ දිවුල් පල බරට නෙලාගෙන
තනේ පුරා එරි ලේ කිරි පොවන්ට
තෙපයින් එන තෙක් නාඬන් මා සඳ
දෙපත් රෑන පිය ගිජිදුට තුරුලූව

  • ශිරාන් විජේරත්න

අපේ වරිගේ අය

වනේ ගිජිදාය යටවෙයි වෙඩි හඬට
කැළේ මහතාය දෙවැනිය දම්වැලට
අනේ ඔබ කිමද බය හෙණ්ඩුවට
අපේ වරිගේ අය අන්තය තිරිසනුට

  • පී අමරසේන

අනාථ නිවසක වෙසෙන සාමා ඇතින්න

දුටුගැමුණු වැනි රජුන් සමගින් තේජසින් යුධ පෙරමුණට යන
ධාතු කර~ුව වැඩමවාගෙන නිසල ගමනින් පෙරහැරේ යන
දෑ වැඩ සලසන ඇත් රජ පරපුර බිසුනු මිනිසුන් අතරින් මිය යන
සමයෙක වෙසෙනා අනාථ නිවසෙක සාමා ඇතිනිට පතනෙමි තෙරුවන

  • දයා විජේසූරිය

තානා – දම් තාන – දා තම් ! 

වැව් අමුණු හැදුවා ය රුක් රාජ ඇද්දාය මිනිසාට බැල මෙහෙය කෙරුවා
යුද බිමට ඇදුනාය දිග් විජය කෙරුවාය බුදු සසුන නිහ~වම රැක්කා
ගවයා කෙතේ දෙවිය ගණ දෙවිට වැන්දාට කළ ගුණය කෙරුවාද සිහියා
තානා – දම් තාන – දා තම් ! සාමා සිත් දත් නම් !

  • සාමන්ත

හක්ක පටස්

හක්ක පටස් කට හතරැස්
කණ හාරයි ගල්ම කටස්
කකුල් කඩන චීන පටස්
ලාබ කලට රට කම්බස්

  • තිමිර විනිවිද

කලෙක එක කැළයක

කලෙක එක කැළයක
යටව කොටි කකුළකට
තැලී ගිය අලි කකුළ

  • සාගර ඉද්දවල

මුහමුද් අලී

ඇඟ බර උනත් සිත හීලෑ වෙච්ච අලි
හිත ගල් වෙච්ච උන් හදන්ට නොවී මැලි
සාමා නොවී මතු උපදින බවෙක යලි
ඒ හකු කඩන්ට වෙනු මුහමුද් අලී

  • තිලිණි කාංචනා

නොහඩන් අම්මෙ

මව්බිම රකින සෙබලූන්ගේ තනිකමට
පෙරමුණ ගත්තේ අපි හැම එක ආරෙකට
නොහඩන් අම්මෙ මා නැති මුත් රෙහෙ පෙලට
තවෙවුන් බිහිවේවි තනිකම රකින්නට

  • දිනිල් ප්‍රේමරත්න

සාමා ඇතින්නට සෙත් කවියක්

තිරිසන් උනත් සාමා අසරණ සතෙකි
මිනිසුන් කරන බල අරගල වල කොනකි
ප්‍රභාකරන් මේ පව හිමි නරුමයෙකි
පතමින් සුවය ලියනා මෙය සෙත් කවෙකි

  • ජයසේන කොඩිතුවක්කු

ගිනි ගෙඩි මතින්

අතේ කරේ ගිනි අවිමයි දරන්නේ
උතුරු දකුණු මායිම් ඉරි අඳින්නේ
දෙදරයි හදවතම සිරිලක් මවුන්නේ
ගිනි ගෙඩි මතින් නොදැනද පිය මනින්නේ

  • නිමාලි සමරසිංහ

ලබන කලාපයේ නිමිත්ත – මහනුවර දළදා මාලිගාව

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *