වැවරවුම සැප්තැම්බර් 2016

එකල භාවිතා කළ කොළ

අසූව දශකයේ මුල් බාගය වනතුරුම ගමේ ගොඩේ අය බත් එතුවේ කොළපොතේය. වෑංජන එතුවේ කෙසෙල් කොළ වලය. අපේ අත්තම්මලා එකල ආහාර පිසුවේ ආදරයත්, කරුණාවත් මුසු කරමිනි. එසේ පිසූ බත එතුවේ කොළපොතේය. පොලොස්, සම්බෝල, කොස් මැල්ලම්, අලකොල ආදී වෑංජන එතුවේ කෙසෙල් කොළේය. කොළපොතේ එතූ බතුත්, කෙසෙල් කොළේ එතූ වෑංජනත්, නෙලූම් කොළේකට ඛෙදා ගෙන ගොයම් කොළේකට මුවා වී කෑ යුගයක් අපටත් තිබුණි.

කඩල ගොටු

අප කුඩා කල කඩල, වඩේ මිළදී ගත් විට ඒවා ඔතා දුන්නේ පරණ පත්තර හෝ කොපි පොත් වල කොළවලින් සෑදූ ගොටු වලය. ඒ විතරක් නොව අඹ, වෙරළු, අඹරැල්ලා අච්චාරු පවා ඔතා දුන්නේ ඒවාගේම ගොටු වලය. නැතිනම් මලූ වලය. ඒ නම් නොදන්නාකමට කියා හිත හදා ගත හැකිය.

බටු බැදීම

දිනක් අපේ මිත්‍රයෙක් මා ඉදිරියේදී ඔහුගේ මිතුරෙකුගෙන් මෙසේ ඇසුවේය.
“ඔයා —- පත්තරේ (ඕස්ට්‍රේලියාවේ පළවන සිංහල පත්තරයක් නමක් කියා) —- ලිපිය (ප්‍රවීණ ලේඛකයෙකුගේ නමක් කියා) කියවූවාද කියා ඇසුවේ ය.”
ඔහුගේ මිතුරා පිළිතුරු දුන්නේ මෙසේ ය.
“මොනවාද බං මෙහේ පත්තරවල කියවන්න තියෙන්නේ……? අපි සිංහල කඩෙන් පත්තර අරන් එන්නේ බටු බදින්ට” ඔහු අප දෙසද බලමින් ඔලොක්කුවට උත්තර දුන්නේය.

පත්තර සහ රසායන

ඛෙන්සිඩයින්, නැප්තිලමයින්, ඇමයිනෝබයිපයිනයිල් යන රසායන පෙනහළු සහ පිත්තාශයේ පිළිකා වලට හේතු වන ප්‍රධාන රසායනික ද්‍රව්‍ය අතරින් කිහිපයක් බව දැක්වේ. පුවත්පත් සහ සඟරා මුද්‍රණයේදී මෙබදු රසායන ද්‍රව්‍යයන්ට අමතරව ශරීරයට අහිතකර තවත් බොහෝ වර්ණක, සායම්, මැලියම්, ඉක්මණින් වියලා ගැනීමට භාවිතා කරන ද්‍රාවණ යනාදී වශයෙන් වූ බොහෝ කෘතීම රසායන ද්‍රව්‍ය භාවිතා වේ.

ලේබල් සහ විශ්වාසය

ලංකාවේ සිට මුලින්ම ඕස්ට්‍රේලියාවට එන විට බොහෝ දෙනා මෙහි රැගෙන එන දේ අතර පිසූ ආහාර මුල් තැනක් ගනී. ඕස්ට්‍රේලියාවට එන්න කලින් අප ලංකාවේ සිටියදී, ඕස්ට්‍රේලියාවේ සිටි අයෙකුගෙන් අපට පිසූ ආහාර ගෙන ඒම සම්බන්ධව ලැබුණු උපදෙසකි මේ.
“මල්ලි, ඔයාලා ගේන කෑම වල ප්‍රින්ට් කරපු ලේබල් ටිකක් අලවාගෙන එන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහේ මිනිස්සු ලේබල් වල ප්‍රින්ට් කරලා තියෙන දේවල් විශ්වාස කරනවා.”

එකල කඩසෝරු සහ මෙකල කඩසෝරු

ඉස්සර අප කඩෙන් කෑවේ වෙනසකටය. දැන් ගෙදරින් කන්නේ වෙනසකටය. ඒ නිසාම තෙල්, සීනි, ලූණු නිසා හැදෙන ලෙඩ වලින් අපේ සිරුරු දැන් පොහොසත්ය. දැන් දැන් ශරීර සෞඛ්‍ය ගැන හිතන අම්මලා තාත්තලා කන්න කලින් ලේබල් බලති. වාසනාවකට මෙන් ඕස්ටේ්‍රලියන් බඩු වල ලේබල් ගැන අපට තවමත් විශ්වාස කළ හැකිය. වෙනත් වචන වලින් කියනවා නම් ලේබල් වල ඇති දෑ ඔස්ටේ්‍රලියානු නිශ්පාදන බෝතල්වල හෝ ටින් වල ඇති බවටත් ලේබල් වල නැති දෑ ඒවායේ නැති බවටත් විශ්වාස කිරීමට බැරි කමක් නැත.

ආසනික් සහ රජරට වකුගඩු රෝගය

එකල අපි ලංකාවේ කුඹුරුවල ජීවත් වූ සතුන් නොමරා වී වගා කළෙමු. එකල අද මෙන් ජනතාව පැය විසිහතර පුරාම බණ පටි ඇසූ බවක් අසන්නටද නැත. පසුව ගොයමට හානිකර හැම සතාම වගවිභාගයක් නැතිව කෘමිනාශක යොදා මරා දමා හොඳ අස්වැන්නක් ලබා ගතිමු. අද රජරට පස මෙන්ම ජලයද එහි ජනයාට එරෙහිව නැගී සිටියි. සතෙන් සතේ එකතු කළ විට රුපියලක් සෑදෙන්නේ යම් සේද වස බිඳ බිඳ එක් වූ විට සිදුවන දේ ගැන කීමට ඊටත් වඩා උපහැරණ කුමට ද ?

කොකිස් බැදීම

නිවාඩු දිනක අප අපේ කිට්ටුවන්ත මිතුරෙකුගේ නිවසට ගොඩවැදුනේ ඔහුගේ නිවසේ පවත්වන්නට තිබුණු පුන්‍ය කටයුත්තකට උදව්වක් පදව්වක් කරදීමේ අටියෙනි. එහි යන විට අපේ මිතුරා සිටියේ ගරාජයේ සිය බිරිඳට උදව් වනු වස් කොකිස් බඳිමිනි. බඳින බඳින කොකිස් ඔහු දැම්මේ සිංහල පත්තරයක් මතටය.
මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.
“ඇයි මල්ලි, කොකිස් බැදලා පත්තරේ උඩට දැන්නේ ?”
“නැත්තං අය්යේ!!!!! මේ නිකං දෙන පත්තර වලින් වෙන මොන වැඩක් ගන්න ද ?”
වාසනාවකට මෙන් ඔහු මල්ලී කෙනෙකු වූ නිසා ඔහුට උපදේශයක් දීමට අපට හැකි විය.
“මල්ලි ඔයාට මේ පත්තර වලින් වැඩක් ගන්නම නැත්තං රීසංයික්ලිං බින් එකට දාන්න. බැදුම් දාන්න එපා. ඒකෙන් වෙන්නේ නිකං ලැඛෙන පත්තර වලින් නිකම්ම ලෙඩ ගොඩකට මුල් වන විෂ ගොඩකුත් බඩට දාගන්න ලැඛෙන එක.”

කාල මරණං සහ අකාල මරණං

කෑවත්, නොකෑවත් ඉපදුනු හැමෝම කවදා හෝ මිය යා යුතුය. එය ලෝක ස්වභාවයයි. එය එසේ මුත් අපට අපේ දරුවන්ට හෝ ආගන්තුකයන්ට ලෙඩට ඛෙහෙත් තිබූ පමණින් වස කැවීමට සදාචාරාත්මක අයිතියක් නැත. අද බොහෝ පත්තර මුද්‍රණය කරනුයේ ප්‍රතිචක්‍රීයකරණය කළ කඩදාසි කොළ වලය. කඩදාසි ප්‍රතිචකී්‍රයකරණය කිරීමේදී භාවිතා කරන රසායන ද්‍රව්‍ය ඛෙහෙවින් විෂ සහිතය. ඒ නැතත් මුද්‍රණය පිණිස යොදා ගන්නා සායම් ඇතුළු අනෙකුත් රසායන ආහාර බැදීමට යොදා ගන්නා තෙල් හා ගැටුණු විට ඉතා පහසුවෙන්ම දියව එම ආහාර හා මුසු වෙයි.

එකල කොළ හා මෙකළ කොළ

එකල අපේ අත්තම්මලා, ආතාලා, මුත්තලා බත් බැන්දේත්, ඇඹුළ හෝ දන් එතුවේත් කෙසෙල් කොළේ හෝ පන් කොළේ හෝ වෙන මොකක් නමුත් ගසකින් කඩා ගත් කොළයකය. එකල පත්තර තිබ්බේ කියවන්නට ය. එනමුත් අද උන්දෑලා තරම් එදා උන්දලාට කියවන්න දේවල් තිබුණේ ද නැත. අද අයට මෙන් බුද්ධියද නොතිඛෙන්නට ඇත. එහෙත් අපට වඩා මනුස්සකමක් උන් ළ`ග තිඛෙන්නට ඇත. අද ගහක කොළ කඩ කඩා කෑම ඔතන්නට, පිසින්නට බැරි බව සැබෑය. එහෙත් කොච්චර පත, පොත ඇතත් හොඳ නරක තෝරා බේරා ගන්නට තරම් මනුස්සකම් අද අපට නැතිද ?

සාමන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *