කැඩපත කතුවැකිය – ජූලි 2017

මහජනයා අමතා කරන හොඳ කතාවක් කාන්තාවක අඳින සායක් හා සමානය. එය කථා කරන මාතෘකාව ආවරණය වන තරමට දිගු විය යුතුය. අවධානය දිනාගැනීමට සමත් වන තරමට කෙටි විය යුතුය.
– වින්සන්ට් චර්චිල්


kadapatha-ravi-jayawardana

අවබෝධයේ මිනිසා – රවී ජයවර්ධන

රවී ජයවර්ධනගේ උණ්ඩය මුදාහැරුණේ කොයි කොයි ඉසවුවලට දැයි අප හරියට ම කියන්නට දන්නේ නැත. එහෙත් ජීවිතයේ අවසාන භාගයේදී ඔහු තායිලන්තයේ වනඅරණක භාවනානුයෝගිව පසු වූ බව නම් දැනගන්නට ලැඛෙයි. ඔහුගේ ජීවිතය අනුක්‍රමයෙන් බඳුන් වූයේ කවරාකාරයේ පරිවර්තනයකට දැයි හරියට ම කියන්නට ද අපට බැරි ය. එහෙත් ඔහු ආරණ්‍යගත වන්නට ඇත්තේ භෞතික වස්තූන් අතහැර දැමීමෙන් අනතුරුව බව නම් නිසැක ය. ලංකාවේ අලි-ඇතුන් ඝාතනය කරමින්, විනෝදය සඳහා දඩයමේ යෙදුණු බොහෝ සුදු ජාතිකයන් පසුකලෙක වනසංරක්ෂකයන් බවට පත් වූ බව ද අප අසා තිබේ.
මනුෂ්‍යත්වයට පොදු වූ බොහෝ වැරදීම්වලට මිනිසා නැඹුරුවීම ස්වභාවික ය. එහෙත් වරද හා වරදේ ආදීනව හඳුනාගනිමින් ස්වයං විවේචනයේ යෙදෙන්නෝ විරළයහ. එවැනි අවබෝධයේ මිනිසුන් බිහිවන්නේ කලාතුරකිනි.


kadapatha-wawa rauma

වැවරවුම – ජූලි 2017

ලියන හොල්මන් ගැන අප තේරුම් ගත්තේ ඉතා මෑතකදී ය. එකී හොලමන් වලට ලියන්නට හැකියාව ඇත. එකී ලියන හොල්මන් රූකඩ හා සමානය. නරඹන්නන්ට පෙනෙන්නේ එක එක පසට ඇදෙන නූලට අනුව නටන රූකඩයකි. නොපෙනෙන්නේ රූකඩය පසුපස හොල්මන් කරන අදිසි හස්ථයන් ය.


D B Kuruppu - Photo by Saamantha Tennege

විරහා වේදනාවේ රස පෙන්වා දෙමින් දම්මිගේ ආදරය දිනාගත් ඩී. බී. කුරුප්පු

මරණය කම්පිත ශ්ලෝකයක්. ඒ ශ්ලෝකය ගයන්නට විරිතක් තවම අපි හඳුනගෙන නැහැ. එය විප්‍රවාසයක්. විප්‍රවාසය ගැන කතා කරන විට ලාංකේය විප්‍රවාස ඉතිහාසයේ පළමු පෙලේ ඩී. බී. ඉන්නවා. ඒ සාහිත්‍යකරුවෙක් හැටියට නෙමෙයි. ප්‍රේමය පිළිබඳ ශ්‍රී ලංකාවේ ලියැවුන නවකතාව සැඟවුන ප්‍රධාන චරිතයක් ලෙස. සමහර විට ඔබ දන්නවා ඇති. කරුණාසේන ජයලත්ගේ “ගොලූ හදවත” නවකතාවට වස්තූ බීජ වූ තුන් ඈදුනු ප්‍රේම කතාවෙ කරුණාසේන ජයලත්ට විරහා වේදනාවේ රස පෙන්වා දෙමින් දම්මිගේ ආදරය දිනාගත් ඒ පුද්ගලයා ඩී. බී. කුරුප්පු.


screen-shot-2017-07-05-at-11-09-42-pm

අපේ කළුකුමා

කාටවත් එසවිය නොහැකි ගලක් කර පිටින් ගෙන ගොස් අයින් කිරීමට පොරොන්දු වී හීනටි හාලේ බත් සමග කළුකුන් මස්, මාස ගණනක් රසවිඳ අන්තිමේ “හා දැන් ඔය ගල උස්සලා මගේ කර පිටින් තියාපල්ලා” කියා ඇඟ බේරා ගත් අන්දරේගේ කථාව අප කාටත් මතකය. අන්දරේ සිටියේ කොයි රජුගේ කාලයේද කියාවත්, ඵ් කාලයේ ලංකාවේ කළුකුමුන් සිටියාද කියාවත් මම නම් නොදනිමි. කථාව ගෙතූ රචකයාට කළුකුමා පුරුදු සතෙක් වන්නට ඇත. හරියට අපේ ජාතක කථා වැනිය. ඒවායෙත් ඉන්නේම අපට පුරුදු ලංකාවේ හෝ ඉංදියාවේ සතුන්ය. අඩුම තරමේ අසල්වැසි චීනයේ අහිංසක පැන්ඩාවෙක් ගැනවත් සඳහනක් නැත.


kadapatha-priyananda

ඉස්කෝලේ ගිහින් එන ගමන්

“අංකල් දැන් වෙලාව කිය ද ?” මගේ තාවකාලික පාසල් ශිෂ්‍යභාවය බිඳ වැටුනේ පාසලේ ඉගෙන ගන්නා දරුවෙකු මගෙන් වෙලාව ඇසූ විට. මේ දරුවාට මගේ වයසේ මාමා කෙනෙකු ඇති. මේ දරුවාගේ වයසේ දී මම මේ බිමේ අධ්‍යාපනය ලැබුවා. ජීවිතය ගොඩගත්තා. මං වයසට ගිහින්. තවදුරටත් මං මේ පාසලේ ශිෂ්‍යයෙකු නෙමෙයි. ඒත් ඉස්කෝලේ තවත් වයසින් අඩුවෙලා. ලස්සන වෙලා. මගෙන් වෙලාව ඇසු දරුවා දවසක මගේ වයසට ඒවි.
“අංකල් වෙලාව කීයද ?” කියා සමහර විට මේ බිමේදීම ඔහුගෙන් ද තවත් දරුවෙකු අසාවි.
ඒත් ඉස්කෝලේ වයසට ගිහින් නෑ.


screen-shot-2017-07-05-at-11-08-30-pm

වැස්ස වළාහක සහ මිනිස්කම

මේ සිද්ධියට පසු දින උදෑසන, පේරාදෙණි සරසවියට ගිය මට අසන්නට ලැබුණේ සිත කම්පා කරවන ශෝචනීය පුවතකි. සරසවි ශිෂ්‍යාවක උපාධි ප්‍රදානෝත්සවයෙන් දින කීපයකට පසු, දුම්රියට ගෙල තබා හෝ ඊට හසුවී මිය ගොසිනි. බොහෝ දෙනා කියනා අන්දමට එය ප්‍රේම සම්බන්ධයක් බිඳී යාමෙන් ඇතිවූ සිත් තැවුල නිසා, සිය දිවි නසා ගැනීමකි.
දැනටමත්, මේ ශිෂ්‍යාවගේ පාසල් ජීවිතයේ සිටම නොඑසේ නම් උපන්දා සිටම, තොරතුරු සොයා මාධ්‍යකරුවන් “ක්‍රියාන්විතයකට” බැස සිටිනු නිසැකය. මෙය විකිණිය හැකි “නියම ස්ටෝරි” එකකි. හාමතේ පසු වූ සිවලෙකුට, ගෙරි කුණක් හමුවු කලෙක මෙන් ලංකාවේ මාධ්‍ය ඉන් කුස පුරවා ගනු ඇත.


මහජනයාට වැදි බණ කියමින බොළඳා – සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

අද මේ ගීතය නැවත අසන විට අපට දැනෙන්නේ එහි සැබෑ රචකයා කෙතරම් පරිණත බුද්ධිමතෙකු වූවාද යන කාරණය යි. ඉරක් ඇන්දත් තම නම ගසා ගන්නා සමාජයක තමන් කළ අද්විතීය නිර්මාණයක් වෙනෙකෙකුට පුදන්නට තරම් හේ වෙස්සන්තර කෙනෙකු වන්නේ කෙසේ ද ? මෙහි ඇත්තේ වෙනත්ම කතාවකි. ඇතැම් පාලකයෝ බලය නිසා හොරකම් කරති. ඇතැම් පාලකයෝ මෝඩකම නිසා අනුන්ගේ ජයග්‍රහණ තමන්ගේ බවට ලේබල් ගසා ගනිති. නැත්තම් තැනත් නොතැනත් දොඩවති. මෙම ගීතයේ සැබෑ රචකයා කර ඇත්තේ ඌරාගේ මාලූ ඌ පිටම තබා කැපීම ය. තවත් විදිහකින් කියනවා නම් හොරාටත් හොරෙන් හොරා කළ හොරකම ගැන හොරෙන්ම හොරාගේ අනුගාමිකයන්ට පැවසීම ය.