—— බුකියට යමි ——

– ශිරාන් විජේරත්න විසිනි – බුකියට යමි ගොසිප් ලබමි සතුට සොයමි දුකම ලබමි දරැ නොදකිමි ඉවත බලමි සිත් පාරමි ඒ නොහඟිමි…. මනස් ගනිමි සිහින මවමි නන් දොඩවමි වියරැ වැටෙමි තවත් එඛෙමි අකුල් හරිමි පතුල කණිමි තව පැටලෙමි මුලම සිටිමි….. හිරැ නොදකිමි සඳ සඟවමි පිණි අසුලමි කුමක් ලදිමි නමක් නොදෙමි යමක් සොයමි නම නොදනිමි මතු නොඅසමි Continue reading


rohana-dandeniya-kadapatha-com

“කුඩා කාලෙදි තාත්තා මට සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතාම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා.”

කුඩා කාලෙදි මට තාත්තා සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතා ම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා. තාත්තා මම කුඩා කාලෙදි මට නිදහස දුන්නා. ඒත් ඒ නිදහස අයුතු විදිහට මම පාවිච්චි කළෙත් නැහැ. එහෙම නිදහස දුන්නත් මට නොදැනෙන්න මා ගැන හොයා බැලූවා. කුඩා කාලෙ එක ම එක දවසක් මට ගහලා තියනවා, එදායින් පසුව කවදාවත් ගහලා නැහැ. බැණලා නැහැ. විශේෂයෙන් ම රුසියානු සාහිත්‍ය පරිවර්තන පොත් ගෙනත් දුන්නා. තාත්තා ගාව තිබුණා විශාල පුස්තකාලයක්. ඒක මගෙ සංවර්ධනයට හුඟාක් උදව් වුණා.


පුස්තක ප්‍රදර්ශන සැණකෙළි කතා වස්තුව

තවද බෝ ජනයින් මෙකී පුස්තක ප්‍රදර්ශන සැණකෙළිය නරඹන්නට පැමිණෙන්නමෝ ‘කොල අපිදු ඊ වෙත යා යුත්තෙමු. පුස්තකයෝ පරිශීලනය නොකළ ද නොගොසින් සිටියහොත් අප මූඪයන් ලෙස ගන්නට බැරි නැත. නොගොසින් සිටීම් නම් අපට තරම් නොවෙති’ ආදී චින්තාවෙනි.


කැඩපත – කැටපත / අගෝස්තු 2016

බොදු දනන්ගේ මුදුන් මල්කඩ මුදුන් මල්කඩ බොදු දනන්ගේ සදා කල්හිම වන්දනීයයි දනන් හට ලක් දෙරණ වසනා උතුම් දළදා සමිදු පිහිටයි රජුන් පෙරදා මහත් බැතියෙන් දිවි දෙවෙනි කොට රැකි වගයි බුදුන් අදිටන අනුව අප රට බුදු දහම බැබලෙන රටයි ජයසේන කොඩිතුවක්කු පවසම් අසිරි කෙලෙසින් සදෙව් ලොවින් දෙවි වඩින තැනක් – දැයේ එකම මුදුනත් මල් කඩක් බලන් Continue reading


කැඩපත – කැටපත / ජූලි 2016

තෙපයින් එන තෙක් වනේ දිවුල් පල බරට නෙලාගෙන තනේ පුරා එරි ලේ කිරි පොවන්ට තෙපයින් එන තෙක් නාඬන් මා සඳ දෙපත් රෑන පිය ගිජිදුට තුරුලූව ශිරාන් විජේරත්න අපේ වරිගේ අය වනේ ගිජිදාය යටවෙයි වෙඩි හඬට කැළේ මහතාය දෙවැනිය දම්වැලට අනේ ඔබ කිමද බය හෙණ්ඩුවට අපේ වරිගේ අය අන්තය තිරිසනුට පී අමරසේන අනාථ නිවසක වෙසෙන සාමා Continue reading


පින, ප්‍රතික්‍රීයකරණය සහ කර්මය

කාලාන්තරයක් පුරාවට අපට ඇහෙන්නේ දන්දීමේ ආනිසංසය. ඒ නිසාම අපි ඉඳුල් වතුර ටික පවා සතුන්ට ආහාර පිණිස දන්දෙමු. එහෙත් පරණ බැටරි හෝ ප්ලාස්ටික් කිසිඳු බයක්, සැකක් නැතිව පරිසරයට මුදා හරිමු. එවැනි දේ හරහා ඝෘජුවත්, වක්‍රවත් ප්‍රාණඝාතයට හවුල් වෙමු. සතෙකුට පවා කන්න දීම හොඳය. එහෙත් නොදැනුවත්ව හෝ සතුන් මැරීම හොඳ ද ? එසේනම් අප කළ යුත්තේ කුමක් ද ? ඇත්තෙන්ම අපට කළ හැකි දේ බොහෝය. ඒ අතරින් කරුණු දෙකක් ඉතා වැදගත් බව අපේ අදහස ය. එකක් පරිසරයට හානි දායක දේ භාවිතය අවම කර වෙනත් විකල්පයන් කරා යෑමය. අනෙක් කාරණය වන්නේ හැකි හැම විටම ඉවතලන දෑ නිවැරදිව ප්‍රතිචක්‍රීයකරණය කිරීම ය. වරක් පාවිච්චි කර ඉවතලෑමට පෙර දෙවරක් සිතීම සුදුසු නොවේ ද? එවැනි දේ වෙනුවට නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි දෑ යොදා ගත යුතු නොවේ ද ?


කුකුල් ප්‍රාණය

මගේ අසාමාන්‍ය උනදුවත්, ඌව නිදහස් කර ගැනීමේ පරමාර්ථයත් දැනගත් වෙළෙන්දා කුකුළාගේ ලන්සුව ඉහළ දැම්මේය. අවසානාය් ඔහු ඉල්ලූ මුදලකින් අඩුකර ගත හැකි වුයේ රුපියල් පහක් පමණි. ඒ අතර වාරයේ ඔහු දාර්ශනිකයෙකු බවට පත්විය.
“ජීවිතයකට මිලක් නියම කරන්න බැහැ මහත්තය….”
කුකුළෙකු පණපිටින් ගෙනයාමේ පළපුරුද්දක් මට නැති බව වටහා ගත් වෙළෙන්දා විශාල බ්‍රවුන් පේපර් බැගයක ඌව හිඳුවා එහි කට රෝල් කොට ගැටයක් ගැසුවේ හුස්ම ගැනීමට සිදුරක් ද තබමිනි.
“මට මේ විදියට මූව පණපිටින් හෝමාගමට බස් එකේ ගෙනියගන්නට පුළුවන් වෙයිද……?”
මගේ බොළඳ ප්‍රශ්නයට ඔහුට සිනා නොවී සිටිය නොහැකි විය.
“පාරණයකට ගැරන්ට් කරන්න බැහැනේ. පරිස්සමින් කල්පනාවෙන් ගෙනියන්න….”


The Ravanahatha (variant names: ravanhatta, rawanhattha, ravanastron, ravana hasta veena) is an ancient bowed violin, once popular in Western India and Sri Lanka.

අහිමි වන සොඳුරැ බව

තාක‍ෂණයත් සමග අප ඉදිරියට යා යුතුමය. ඒත් කවරදාකවත් අප තාක‍ෂණයේ වහලූන් නොවිය යුතු බව මගේ අදහසයි. ඒත් වත්මන් සංගීත නිර්මාණකරණයේ දී අපගේ ගායන ශිල්පීන් – සංගීත අධ්‍යක‍ෂවරුන් මුළුමනින්ම තාක‍ෂණයේ වහලූන් වී ඇති බව මගේ මතයයි. මා එසේ සඳහන් කරන්නේ මේ තාක‍ෂණය නිසා අපගේ සංගීත නිර්මාණවල සොඳුරු බව හා මිහිරි බව පලා යන බව මට පෙනෙන බැවිනි.
සංගීත භාණ්ඩ විවිධ කුල කීපයකට ඛෙදන බව සංගීතයේම සඳහන් වේ. සෑම නාදයක්ම උපදින්නේ කම්පනයකිනි. මෙම කම්පනය, වාතලේ – ජලයේ – තත්වල – ඝන ද්‍රව්‍යවල කම්පනයත් විය හැකිය. එහෙත් අද සංගීතයේ නාද උපදින්නේ මෙවන් කම්පනවලින් ද? අද ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬ පෞරුෂය බිහිවන්නේ උගුරේ ස්වරාලයේ ස්වර තන්තුවල කම්පනයකින් ද? මෙම ප්‍රශ්න දෙකටම දිය හැකි පිළිතුර වන්නේ “එහෙම නොවේ” කියා නොවේ ද?


kadapatha-wawa rauma

වැව රවුම – ජූනි 2016

මිනිස් මොළයේ නියුරෝන බිලියනයක් ඇත. ඒ හැම නියුරෝනයක්ම තවත් නියුරෝන 1000 ක් සමග සබන්ධතා ගොඩනගා ගනී. ඒ අනුව මොළයේ ගොඩනගාගත හැකි සම්බන්ධතා ගණන ට්‍රිලියනයක් බව පැවසේ. යම් විදියකින් එක් නියුරෝනයකට තබා ගත හැක්කේ එක් මතකයක් පමණක් නම්, මතක ගබඩාව අයි පෝඩයක් හෝ යූඑස්බී එකක් මෙන් ඉතා ඉක්මණින්ම අවසන්ව යා හැකිව තිබුණි. එනමුත් නියුරෝන නියුරෝන අතර ඇති කරගන්නා සහසම්බන්ධතාවය නිසා මොළයේ මතක ගබඩාව ඛෙහෙවින් ඉහළ අගයක් ගනී. එය ආසන්න වශයෙන් පෙටාබයිට් (petabytes) 2.5 කි. නැතහොත් ගිගාබයිට් (gigabytes) මිලියනයකි. මේ අගය ගැන යම් කිසි වැටහීමක් ඇති කරගන්නට රූපවාහිනී යන්ත්‍රයකට සම්බන්ධ කරන වීඩියෝ රෙකෝඩරයක් නිදසුනක් ලෙස ගනිමු. ඒ අනුව පෙටාබයිට් 2.5 ක මතකයක් තුළ පැය මිලියන තුනක රූපවාහිනී වැඩසටහන් ගබඩා කළ හැකිය. තවත් සරළව කියනවා නම් මොළයේ මතක ගබඩාව අවසන් කිරීමට රූපවාහිනී යන්ත්‍රය වසර 300 කටත් වඩා නොකඩවා ධාවනය කළ යුතුය.