Murali by Saamantha Tennege

මුරලිගේ අයිතිය සහ සදාචාරය

සමනළයෙක් මෙන් පියාඹා මී මැස්සෙක් මෙන් මුෂ්ඨි පහර දුන් මොහොමඩ් අලී අයිති ඇමරිකාවට විතරක් නොව මුලූ ලොවටමය. බොක්සිං වළල්ලේ අලී මෙන් තණතීරුව මත මුරලී පෑ රංගනයද අද අයිති ලංකාවට පමණක් නොව මුළු ලෝකයටමය. තණතිල්ල මත මා දුටු මුරලි එක් අතෙකින් නර්ථන ශිල්පියෙකි. අනෙක් අතින් චිත්ත ඒකාග්‍රතාව ප්‍රගුණ කළ මුණිවරයෙකි. එක් මොහොතක රොන් සොයා මලකට පියඹා යන සමනළයෙකි. අනෙක් මොහොතේ තමා කරා ඇදෙන සමනළයෙක් දෙස බලා සිටින මලකි.
අද මුරලි ගැන ලස්සනම දේ කියන්නේ ඔහුගේ සමකාලීන ප්‍රතිවාදී කණ්ඩායම්වල සිටි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝය. මැතිව් හේඩන්ට අනුව මුරලිගේ පන්දු යැවීම තමන්ට හැකිතරම් දෙනෙත් විවර කර පිතිකරුවා මුලාකර එකවිට පන්දු දාහතරක් තමන් දෙසට විදිනවා හා සමානය. ඔහු තම මුළු හදවතින්ම මුරලි නම් අසහාය මිනිසාට ගරු කරණ බවද කියයි. ජස්ටින් ලැන්ගර් කියන්නේ මුරලි ඔහුගේ තර්කය හා තීරණය සමඟ සෙල්ලම් කරන බවය.


සංස්කාරක සටහන – නොවැම්බර් 2015

සාමන්ත තැන්නගේ (Saamantha Tennege) විසිනි අඩක් ජලයෙන් පිරුණු වීදුරුවක නොහොත් අඩක් ජලයෙන් හිස්ව ඇති වීදුරුවේ කතාව නොදන්නා අයෙකු නැත. සුබවාදය හෝ අසුබවාදය නිර්වචනය කිරීමට සුලබව උපයෝගී කර ගන්නා මේ උපහැරණය එතෙකින් නිමාවන්නේද නොවේ. තවත් අයෙකුට එම වීදුරුව සම්පූර්ණයෙන්ම පිරී ඇති බව කිව හැකිය. ඒ ඉතිරි අඩ වාතයෙන් පිරී ඇති නිසාය. එමෙන්ම ජලය, වීදුරුව සේම වාතය Continue reading


sanath sabeetha

විරාග කොල්ලය

වර්තමානයේහි “විරාගය” පිළිබඳව ගැටලූ මුසු විසංවාදී තත්වයක් සිනමා ක්ෂේත්‍රය තුළ පැන නැගී තිඛෙන හෙයින් ඒ පිළිබඳව අපි උත්සක විමු. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුල් වරට ඇය සිය මුනිවත බිඳ හැර කැඩපත සමග මෙසේ සංවාදයකට එක්වන්නීය.