Murali by Saamantha Tennege

මුරලිගේ අයිතිය සහ සදාචාරය

සමනළයෙක් මෙන් පියාඹා මී මැස්සෙක් මෙන් මුෂ්ඨි පහර දුන් මොහොමඩ් අලී අයිති ඇමරිකාවට විතරක් නොව මුලූ ලොවටමය. බොක්සිං වළල්ලේ අලී මෙන් තණතීරුව මත මුරලී පෑ රංගනයද අද අයිති ලංකාවට පමණක් නොව මුළු ලෝකයටමය. තණතිල්ල මත මා දුටු මුරලි එක් අතෙකින් නර්ථන ශිල්පියෙකි. අනෙක් අතින් චිත්ත ඒකාග්‍රතාව ප්‍රගුණ කළ මුණිවරයෙකි. එක් මොහොතක රොන් සොයා මලකට පියඹා යන සමනළයෙකි. අනෙක් මොහොතේ තමා කරා ඇදෙන සමනළයෙක් දෙස බලා සිටින මලකි.
අද මුරලි ගැන ලස්සනම දේ කියන්නේ ඔහුගේ සමකාලීන ප්‍රතිවාදී කණ්ඩායම්වල සිටි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝය. මැතිව් හේඩන්ට අනුව මුරලිගේ පන්දු යැවීම තමන්ට හැකිතරම් දෙනෙත් විවර කර පිතිකරුවා මුලාකර එකවිට පන්දු දාහතරක් තමන් දෙසට විදිනවා හා සමානය. ඔහු තම මුළු හදවතින්ම මුරලි නම් අසහාය මිනිසාට ගරු කරණ බවද කියයි. ජස්ටින් ලැන්ගර් කියන්නේ මුරලි ඔහුගේ තර්කය හා තීරණය සමඟ සෙල්ලම් කරන බවය.


පින, ප්‍රතික්‍රීයකරණය සහ කර්මය

කාලාන්තරයක් පුරාවට අපට ඇහෙන්නේ දන්දීමේ ආනිසංසය. ඒ නිසාම අපි ඉඳුල් වතුර ටික පවා සතුන්ට ආහාර පිණිස දන්දෙමු. එහෙත් පරණ බැටරි හෝ ප්ලාස්ටික් කිසිඳු බයක්, සැකක් නැතිව පරිසරයට මුදා හරිමු. එවැනි දේ හරහා ඝෘජුවත්, වක්‍රවත් ප්‍රාණඝාතයට හවුල් වෙමු. සතෙකුට පවා කන්න දීම හොඳය. එහෙත් නොදැනුවත්ව හෝ සතුන් මැරීම හොඳ ද ? එසේනම් අප කළ යුත්තේ කුමක් ද ? ඇත්තෙන්ම අපට කළ හැකි දේ බොහෝය. ඒ අතරින් කරුණු දෙකක් ඉතා වැදගත් බව අපේ අදහස ය. එකක් පරිසරයට හානි දායක දේ භාවිතය අවම කර වෙනත් විකල්පයන් කරා යෑමය. අනෙක් කාරණය වන්නේ හැකි හැම විටම ඉවතලන දෑ නිවැරදිව ප්‍රතිචක්‍රීයකරණය කිරීම ය. වරක් පාවිච්චි කර ඉවතලෑමට පෙර දෙවරක් සිතීම සුදුසු නොවේ ද? එවැනි දේ වෙනුවට නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි දෑ යොදා ගත යුතු නොවේ ද ?


256px-Red_Ribbon.svg

අධ්‍යාපනය, ධර්මය සහ ‘සමාජ රෝග’

මට මතක හැටියට පාසලේදී අවුරුදු දොළහටම මා උගත්තේ ලෙඩ්ඩු දෙන්නෙකුට උපස්ථාන කළ හැටි ය. ඉන් එක් ලෙඩෙක් නයෙකි. අනෙක් ලෙඩා රහතන් වහන්සේ නමකි. නයාගේ සිරුරේ තිබූ ගෙඩියක් පළා සුව කළ බුද්ධදාස රජතුමා ගැන සිංහල පෙළ පොතකින් උගත්තෙමි. කුෂ්ඨ රෝගයකින් පෙළුනු පූතිගත්තතිස්ස තෙරණුවන්ව නහවා පිරිසිදු කළ බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ධර්මය පෙළ පොතකින් උගත්තෙමි.


Screen Shot 2016-03-13 at 9.34.18 PM

ඔපෙරාව, අඬහැරය සහ ගඩොල් බාගය

කිසියම් දිනක යුරෝපයේ ඔපෙරා ශාලාවකට අපේ අඬහැරක් පැවොත් ලංකාවට ඇහෙන තරම් සද්දෙට සුද්දා අත්පොළසන් ගහනවා සත්ත ය. ඒ සුද්දාගේ හැටි ය. නිදහස් උත්සවයදා අපි අඬහැර ශෛලයෙන් ගීයක් කීවා යැයි සිතමු. ඒ ශිල්පියාට වෙන්නෙත් දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලයෙන් ගායනා කළ කිෂානිට වෙන්ට තිබුණු දේමය. එනම් ගඩොල් බාගයකින් පහර කන්නට ය. ඒ අපේ හැටි ය.