වැව රවුම – ඔක්තෝබර් 2016

මූහුණෙන් මුහුණ නොබැලීම සහ මූහුණු පොතෙන් මූණු බැලීම

තාක්ෂණයට පිංසිදුවෙන්ට ලෝකේ එහා කෙළවරේ ඉන්න අයත් අද ඉන්නේ අපේ අතේ දුරින් වගේය. ඒත් ඒ තාක්ෂණයම නිසා අද ළඟ ඉන්න එවුන් අපෙන් බොහෝ දුරස්ය. අනෙක් අතට තාක්ෂණය නිසා අද පවුල් වල ඥාතීන් අතර වෙනදාට වඩා සම්බන්ධතාවයන් ගොඩ නැගෙන බවද තවත් මතයකි. එහෙත් දරුවන්ට අවශ්‍ය ටෙක්ස්ට් කිරීම් නොව ආදරය, දයාව, කරුණාව වැනි මානුෂීය හැඟීම් ය. ඒවා නැතිව හැදෙන වැඩෙන දරුවන්ගේ අනාගතය කෙබඳු වේවි ද ? යේල් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙකු වන මාර්ක් බ්‍රැකට් මෙසේ කියයි. “තාක්ෂණය හරහා සංනිවේදන කටයුතු කරගන්නා දරුවන් අනාදිමත් කාලයක පටන් මිනිසා පුරුදු පුහුණු කළ සැබෑ ජීවිතයේ සංනිවේදනය මොටකරගනියි. සංනිවේදනය යනු වචන වලට එහා ගිය දෙයකි.”


වැවරවුම සැප්තැම්බර් 2016

දිනක් අපේ මිත්‍රයෙක් මා ඉදිරියේදී ඔහුගේ මිතුරෙකුගෙන් මෙසේ ඇසුවේය.
“ඔයා —- පත්තරේ (ඕස්ට්‍රේලියාවේ පළවන සිංහල පත්තරයක් නමක් කියා) —- ලිපිය (ප්‍රවීණ ලේඛකයෙකුගේ නමක් කියා) කියවූවාද කියා ඇසුවේ ය.”
ඔහුගේ මිතුරා පිළිතුරු දුන්නේ මෙසේ ය.
“මොනවාද බං මෙහේ පත්තරවල කියවන්න තියෙන්නේ……? අපි සිංහල කඩෙන් පත්තර අරන් එන්නේ බටු බදින්ට” ඔහු අප දෙසද බලමින් ඔලොක්කුවට උත්තර දුන්නේය.


kadapatha-wawa rauma

වැව රවුම – ජූනි 2016

මිනිස් මොළයේ නියුරෝන බිලියනයක් ඇත. ඒ හැම නියුරෝනයක්ම තවත් නියුරෝන 1000 ක් සමග සබන්ධතා ගොඩනගා ගනී. ඒ අනුව මොළයේ ගොඩනගාගත හැකි සම්බන්ධතා ගණන ට්‍රිලියනයක් බව පැවසේ. යම් විදියකින් එක් නියුරෝනයකට තබා ගත හැක්කේ එක් මතකයක් පමණක් නම්, මතක ගබඩාව අයි පෝඩයක් හෝ යූඑස්බී එකක් මෙන් ඉතා ඉක්මණින්ම අවසන්ව යා හැකිව තිබුණි. එනමුත් නියුරෝන නියුරෝන අතර ඇති කරගන්නා සහසම්බන්ධතාවය නිසා මොළයේ මතක ගබඩාව ඛෙහෙවින් ඉහළ අගයක් ගනී. එය ආසන්න වශයෙන් පෙටාබයිට් (petabytes) 2.5 කි. නැතහොත් ගිගාබයිට් (gigabytes) මිලියනයකි. මේ අගය ගැන යම් කිසි වැටහීමක් ඇති කරගන්නට රූපවාහිනී යන්ත්‍රයකට සම්බන්ධ කරන වීඩියෝ රෙකෝඩරයක් නිදසුනක් ලෙස ගනිමු. ඒ අනුව පෙටාබයිට් 2.5 ක මතකයක් තුළ පැය මිලියන තුනක රූපවාහිනී වැඩසටහන් ගබඩා කළ හැකිය. තවත් සරළව කියනවා නම් මොළයේ මතක ගබඩාව අවසන් කිරීමට රූපවාහිනී යන්ත්‍රය වසර 300 කටත් වඩා නොකඩවා ධාවනය කළ යුතුය.


kadapatha-wawa rauma

වැව රවුම – අප්‍රේල් 2016

“බටහිර මිනිස්සුට ඕන වුනේ ඇගේ මස්ගොබ පේන්න බාහිර පෙනුමෙන් යකඩයෝ වගේ වෙන්න. ඒත් පෙරදිග මිනිස්සුගේ බාහිර පෙනුම හරිම මොළොක්. හැබැයි අභ්‍යයන්තරය යකඩ. සංතෝස වෙන්න ඕන කාරණය තමයි දැන් බටහිර මිනිස්සු ඒක අවබෝධ කරගෙන ඒ අනුව වෙනස් වීගෙන යන ප්‍රවණතාවයක් තිබීම. දුක් වෙන්න ඕන දේ තමයි ආසියාවේ මිනිස්සු දැන් බටහිරටත් වඩා බටහිරයෝ වෙමින් පැවතීම. අනික් අතට ලෝකයේ හැටි එහෙම තමයි. නිතරම හැම දේම ඔරලෝසුවේ බට්ටා වගේ එක අන්තෙක ඉදලා අනික් අන්තෙට ගමන් කිරීම.”


kadapatha-wawa rauma

වැව රවුම – පෙබරවාරි 2016

බොහෝ උගත්තු ද නුවණැත්තෝ ද නොයේක් විට තමන්ට රැවටෙති. මන්දබුද්ධිකයක් ගේ තමන් ගැන රැවටීම කියනුම කිම ? තමා ගැන රැවටුණ තැනැත්තාහට අනුන්ට රැවටුණ තැනැත්තාට මෙන් ඒ බව පහසුවෙන් අවබෝධ නො වේ. බොහෝ සෙයින් ඔහුට ඒ රැවටිලි මුළු ජීවිත කාලයේ දීම නො වැටහේ. ඔහුගේ රැවටුම තේරුම් ගත් අන් නුවණැතියෙකු විසින් ඒ බව ඔහුට කියූවත් ඔහු එය නො පිළිගන්නේය. එබැවින් අනුන්ට රැවටීමට වඩා මහත් වූ ද නපුරු වූ ද රැවටිල්ල තමා ගැනම රැවටීම බව කිව යුතු.
උපුටා ගැනීම – රේරුකානේ චන්දවිමල (වඤ්චක ධර්ම – 1 පිට)


වැව රවුම – දෙසම්බර් 2015

ඉතිං ඊට පස්සේ බහිඝ්‍රාවි පද්ධතිය තමන්ගේ පාඩුවේ කට වහගෙන වැඩ වර්ජනයක් පටන් ගත්තලූ. දවසක්, දෙකක් යන කම් කාටවත් ගාණක් නැතිලූ. හැබැයි තුන්වෙනි හතරවෙනි දවස් ගෙවිලා ගන්න ගත්තම තමයිලූ හැමෝටම තරු පේන්න පටන් ගත්තේ. එයාලට තුන්මුනිං දාඩිය දාලා උණ ගැනුනා. අන්තිමට හැමෝම එකතු වෙලා වැඩ වර්ජනය අත අරින්න කියලා බහිඝ්‍රාවී පද්ධතියෙන් බැගෑපත් වෙලා ඉල්ලා හිටියාලූ.