බොල් වී

තතු එසේ වුවද, පංති සටන් හරහා අහිංසකයින් මරා දැමූ බලවත් වෘකයන්ට එරෙහිව රැයක් දහවලක් නොමැතිව ඔහු අරගල කරයි. මේ නම් අද අපට බොහෝ විට විශේෂයෙන් තරුණ දේශපාලන නායකත්වය තුළිනුත්, ජනතාවාදී යැයි සැලකුම් ලබන කලාකරුවන් තුළිනුත් පෙනෙන්නට ඇති සත්‍යයකි. ඉසියුම් ජීවන සත්‍යයන් අභිමුව මුනිවත රකින ඔවුහු මතුපිටින් පෙනෙන අරගල නොහොත් සමාජ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින්නන් අතර පෙරටුගාමීහු වෙති. හොඳින් විමසා බැලු කල්හි අරගල කිරීම අපහසු නැත. එනමුත්, තමා සම්මතෙහි පිහිටා කටයුතු කිරීම පහසු නැත.


මහජනයාට වැදි බණ කියමින බොළඳා – සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

අද මේ ගීතය නැවත අසන විට අපට දැනෙන්නේ එහි සැබෑ රචකයා කෙතරම් පරිණත බුද්ධිමතෙකු වූවාද යන කාරණය යි. ඉරක් ඇන්දත් තම නම ගසා ගන්නා සමාජයක තමන් කළ අද්විතීය නිර්මාණයක් වෙනෙකෙකුට පුදන්නට තරම් හේ වෙස්සන්තර කෙනෙකු වන්නේ කෙසේ ද ? මෙහි ඇත්තේ වෙනත්ම කතාවකි. ඇතැම් පාලකයෝ බලය නිසා හොරකම් කරති. ඇතැම් පාලකයෝ මෝඩකම නිසා අනුන්ගේ ජයග්‍රහණ තමන්ගේ බවට ලේබල් ගසා ගනිති. නැත්තම් තැනත් නොතැනත් දොඩවති. මෙම ගීතයේ සැබෑ රචකයා කර ඇත්තේ ඌරාගේ මාලූ ඌ පිටම තබා කැපීම ය. තවත් විදිහකින් කියනවා නම් හොරාටත් හොරෙන් හොරා කළ හොරකම ගැන හොරෙන්ම හොරාගේ අනුගාමිකයන්ට පැවසීම ය.


Wasantha-Geethaya-by-Chandra-Mallawarachchi

වසන්ත ගීතය

“මගේ එක් සිංහල අවුරුදු දිනයක් ගතවූයේ දඹුලූගල මුදුනේදීය. හිස හැරුණු අතේ නිදහසේ සැරිසරා ගිය මේ යුගයේ ගොයම් ගස් නමා කෙත් උඩ දිවෙන රැල්ලෙන්, සැඩ සුළඟට අසු වූ අතුරිකිලිවලින්, මඳ සුළඟ වැළදගත් ළාදළු වලින්, ගිලිහී වැටෙන නාමල් පෙති හුළං රැළි උඩ පාවි ගිය ගමනින්, හොටය කරකවා හිස ඇළකොට බලන කුරුලූ බැල්මෙන්, ගැමියන්ගේ උකුළු මුකුළුවලින්, අව්වෙන්, වැස්සෙන්, සඳ පහනින් මා වුවද නොදැන සිටි ගී විරිත් මම සොයා ගතිමි.”


Kadapatha Jan 0441

හිට්ලර් සොරාගත් රෝස හාවා

“මේ තියන්නේ අර මනුස්සයාගෙ තව පිංතූරයක්” එලිසඛෙත් කීවා ය. “ඊයේ මගෙ පොඩිම නංගි මෙයාගෙ පිංතූරයක් දැකල හිතල තියෙන්නෙ චාලි චැප්ලින් කියල.”
ඇනා දෑස් ලොකු කර මුහුණ ඇද කරගෙන විමතිය පෑවා ය. ඉක්බිති ඇය කීවේ, “උඩු රැවුල නොවෙන්න නං ඇබිත්තක්වත් චාලි චැප්ලින් වගේ නෑ” කියා ය.
ඔවුහු පින්තූරයට යටින් සඳහන් කර තිබූ නම හයියෙන් කියවූහ.
ඇඩොල්ප් හිට්ලර්
“එයා කියන්නෙ හැමෝම එයාට ඡන්දෙ දෙන්ඩ කියල. ඊට පස්සෙ එයා යුදෙව්වන්ව නැති කරනවලු.” කීවේ එලිසඛෙත් ය. “ඔයා හිතනව ද එයාට රිචල් ලොවෙන්ස්ටින්වත් මරන්ඩ පුළුවන් කියල?”
“කාටවත් රිචල් ලොවෙන්ස්ටින් මරන්ඩ බෑ” ඇනා සහතික වුණා ය. “එයා පංති නායකයා. බාගදා මේ මනුස්සයා මාව නං මරයි. මමත් යුදෙව්වෙක් හින්දා.”
“නෑ, ඔයා එහෙම නෑ.”
“මං එහෙම තමා…. පහුණු සතියෙ අපෙ තාත්තා අපිත් එක්ක ඒක ගැන කතා කෙරුවා. එයා අපේ අයියටයි මටයි කීවෙ මොනවා වුණත් අපි යුදෙව්වො කියන එක කවදාවත් අමතක කරන්ඩ එපා කියලයි.”


ahimi atha by Saamantha Tennege

(අ)හිමි නුඹෙ වමත

මේ අහිමි වී ඇත්තේ අත් දෙකෙන් මොකක් හෝ එකක් නොව වමතය. බොහෝ අයගේ වැඩට හුරු අත වන්නේ සුරු අත හෙවත් සුරත වුවද මෙහි සඳහන් පියාට අහිමිව ඇත්තේ වමත බව කවියා තරයේ සඳහන් කරයි. එතැනින්ද නොනැවතී අනුන්ගේ විපත් වෙනුවෙන්, හෘදයාගම ජීවන අවස්ථා වෙනුවෙන්, අසාධාරණයට එරෙහි අරගල වෙනුවෙන්, කලා රසවින්දනය වෙනුවෙන් පෙරට එසවී ඇත්තේ පිදිය යුතු තැනෙක තැබිය යුතු මේ වමත බවද එහි ලා තවදුරටත් අවධාරණය කෙරෙයි. හුරු අත වෙනුවට නුහුරු අතක් මේ සියල්ල වෙනුවෙන් පෙරට ආ බව කවියා පවසන්නේ කුමක් නිසාද? එය හුදු වම් අත යන භෞතික සීමාවේ නොනවතින දේශපාලන අර්ථයක් ජනනය කරන්නේද?


Kadapatha Dec 1542

සුළඟවත් දන්නවද අරන් යන තැන අඟුණ මල්

අපි සුළෙඟේ පාව එන මල් සුවඳ විඳිමු. එකල්හි මල් සුවඳ ප්‍රකට ය. සුළඟ අප්‍රකට ය. තවත් විටෙක මල් පෙති හළා දමන්නේ ද සුළඟමය. එකල්හි අප දොස් තබන්නේ සුළඟට ය. මාලන් එකම සුළඟක අවස්ථාවන් දෙකක් අප ඉදිරියේ නිරූපණය කරයි. සුළඟ, මල් සුවඳ හා මල් පෙති හරහා ඔහු අපට අටලෝ දහම ගැන ඉඟි කරයි. සුනිල් ආරියරත්නගේ පද පෙළ ගීතයක් නොවූවා නම් වැටෙන්නේ අවවාද උපදෙස් ගොඩට ය. එහෙත් කෙටි කවි අවවාද උපදෙස් පිළිකෙව් කරයි. ඉන් ඔබ්බට පාඨක සිත් මෙහෙයවයි. ඉන් පාඨකයාගේ සිතෙහි ඇති වන “ක්ෂණිකාලෝකය”ට ඔහුගේ හද පත්ලෙහි සදාකාලිකව දිළෙන්නට ඉඩ සළසයි.