කැඩපත – කැටපත : මැයි 2016

අනිතය දුකය අනතය යන ළකුණු තුන අනිතය දුකය අනතය යන ළකුණු තුන පන්සාළිස් වසක් දනහට ඛෙදා දුන තුන් ලෝ පියාගේ මහා කරුණා නයන සැතපෙන සෙල්මුවා පිළිමෙහි බැෙඳයි මන දයා විජේසූරිය ලොවට පුදකළ මහඟු නිමවුම පෙර රජුන් දා හෙළ කලාකරු බුදු බැතින් සිත පහදවා ගෙන නව ගුණෙන් පිරි බුදු සිරිත දැක ලොවට හඬ ගා කියන අටියෙන Continue reading


crowd-1294991_1280 copy

කැරැල්ලේ මතක

“JVP එකේ ගුවන්විදුලි ප්‍රචාරය ක්‍රියාත්මක වෙන්නේ ගම් තුනක ඉඳලාය. එකේ නිවේදන කටයුතු කරනනේ ඔයා කියලා පෙත්සමක් ගිහින්.”
“මම එහෙම දේකට සම්බන්ධ නෑ සර්. කවුද එහෙම කියලා තියෙන්නේ.”
“මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඒක කරල තියෙන්නේ කාන්තාවක්. එච්චරයි මම දන්නේ.”
මොහොතකින් හමුදා නිලධාරියා පොලිසියට ආවා.
ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයෙන් මා පිටතට යැවූ ඔවුන් පැයක පමණ කාලයක් කතා කරමින් උන්නා. හමුදා නිලධාරියා පිටත්ව ගියාට පසුව ස්ථානාධිපතිවරයා මා ළඟට ආවා.


පොඩි මැන්ස්ගේ ලෙටරය – 49

බැරි වෙලාවත් අපි ඒ කෝල් එකකට හොදයි කිව්වත්, නොට් ටූ බෑඩ් කිව්වත් අන්තිමට වෙන්නේ ටයිගර්ගේ ටේල් එක අල්ලා ගත්තා වැඩකි. ටයිගර්ගේ ටේල් එක අත ඇරියොත් ඌ අපිව කති. අල්ලාගෙනම හිටියොත් අපට වෙන වැඩක් කරන්න බැරිවෙති. ඌටත් එසේම වෙතැයි සිතෙමි.


අසාර වූ මහ පොළව මමයි

එකල සේකර කවියා රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලයේ ගුරුවරයකුව සේවය කරමින් සිටියේය. ඔහුගේ නවාතැන වූයේ ඒ අවට කලබලයෙන් තොර, වෙල්යායක් ඉදිරිපිට වූ නිවෙසකි. චිත්‍රසේනයන් ගේ නල දමයන්ති නිර්මාණය වූයේ ද එකලය. සැන්දෑවේදී මේ කලාකරුවෝ සේකරගේ නවාතැනේ දී මුණ ගැසෙති.

මද අඳුර ගලා එද්දී මිදුලට බට සේකර නිහඬව මඳ වේලාවක් අහස දෙස බලා සිටියේය. වෙල්යාය ඉස්මත්තේ වන ලන්දෙහි මල් පිපී වැදිණ. සඳ අහසේ මෝදු වන විට ම තාරකාවක් ද ඈතින් එබිකම් කළේය.

අමරදේවයන් කීයේ එදා ඒ දුටු පාරිහාරික විචිත්‍රත්වය ම සේකර අතින් ගීයට නැඟුනු බවයි.


kadapatha-wawa rauma

වැව රවුම – ජනවාරි 2016

වඩා හොඳ කොන්ටිටියද ? කොලිටිය ද ?
කොන්ටිටියට වඩා කොලිටිය ගැන සැලකිලිමත් විය යතු බව අපි නිතර දෙවේලේ අසමු. එස් ඩබ්ලිව් හෙවත් කෙටි තරංග වලට වඩා මධ්‍යම තරංග කොලිටියෙන් වැඩිය. මධ්‍යම තරංග වලට වඩා එෆ් එම් තරංග කොලිටියෙන් වැඩිය. එහෙත් අප සැලකිලිමත් විය යුත්තේ තරංගයේ කොලිටිය ගැන විතරද ? අන්තර්ගතය කොලිටි නැත්තම් තරංගය කොතරම් කොලිටි වුවද ඉන් ඇති ඵලය කිම ? එකල අප ඇසූ කෙටි සහ මධ්‍යම තරංග ගුවන්විදුලි සේවාවන් වලින් අප ලත් දැනුම සහ අවබෝධය වැඩිය. නොහොත් කොන්ටිටිය වැඩිය. එකී කොන්ටිටිය වැඩි නිසාම ඒවායේ කොලිටිය හොඳය. අද අපි කතාකරන ශබ්දයේ කොලිටිය වනාහි සවන් පත් උද්දීපනය කරන හෙ~හි ස්වභාවය හා බැඳුනකි. අන්තර්ගතය හා සම්බන්ධ දෙයක් නොවේ. කොන්ටිටියද කොලිටි විය යුතු බව අපට සිතෙන්නේ ඒ අනුවය. එසේ වීමට කතාවේ කොන්ටිටිය අඩු කළ යුතුය. ශ්‍රාවකයාට “හිතන්නට” ඇති අවකාශය නොහොත් අන්තර්ගතයේ කොන්ටිටිය වැඩි කළ යුතුය.